අමෙරිකාවේ දකුණු කැරොලිනා හි ඓතිහාසික ක‍්‍රිස්තියානි දේවස්ථානයක ඊයේ(17) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් නම දෙනෙකු ජීවිතක්ෂයට පත්ව  තිබේ.

ඉන්දියානු ආහාර පාලක මණ්ඩලයේ තහනම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් පමණ වටිනාකමකින් යුතු මැගී නිෂ්පාදන විනාශ කිරීමට සිදුව ඇතැයි නෙස්ලේ සමාගම පවසයි.

මිලියන 62ක් පමණ ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමිවී ඇති  බව මිචෙල් ඔබාමා පවසයි. ඇය මේ බව පැවසුවේ බ්‍රිතාන්‍යයේ සංචාරයක් අතරතුර ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ලිපියක් යොමුකරමිණි.

යුරෝපා සංගමයේ අභ්‍යන්තර  කටයුතු ඇමතිවරුන්ගේ එකතුවෙන් මධ්‍යධරණි හරහා යුරෝපයට පැමිණීමට උත්සහ කරන සංක්‍රමණිකයන්ගේ ගැටළුව  පිළිබඳ සාකච්ඡා අරඹා ඇත.

නිකරගුවාවේ දහස් ගණන් ජනතාව අත්ලාන්තික් සහ පැසිෆික් සාගරය සම්බන්ධ  කරමින් එරට ඉදිකිරීමට නියමිත ඇළකට එරෙහිව උද්ඝෝෂණයක නිරත වී තිබේ.  

ජෝර්ජියාවේ අගනගරය වන  ටිබිලිසි නගරයට බලපෑ  ගංවතුර හේතුවෙන් පුදගලයන් අට දෙනෙකු මියගොස් ඇති අතර එරට සත්වෝද්‍යානයේ සතුන් පැනයාම හේතුවෙන් නගර වැසියන්ට නිවාස තුලටම වී සිටින ලෙස බලධාරීන් අනතුරු අඟවා ඇත.

අන්තර්ජාතික අපරාධ අධිකරණය සුඩාන ජනාධිපති ඔමර් අල් බසීර් අත්අඩංගුවට ගන්නා ලෙස දකුණු අප්‍රිකාවෙන් ඉල්ලීමක් කර තිබේ. සුඩාන ජනාධිපතිවරයා  මේ වනවිට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අප්‍රිකානු ඒකාබද්ධ සමුළුවට සහභාගි වීම සඳහා ජොහැන්නස්බර්ග් නුවරට පැමිණ ඇති බව සඳහන් වේ.

ස්විඩන් රජ පවුලේ කාල් පිලිප් කුමරු හිටපු නිරූපිකාවක් සමඟ විවාහ වීමට සූදානම් වේ. 30 වන වියේ පසුවන සොෆියා හෙල්ක්විස්ට් නිරූපිකාවක් සේම රියැලිටි තරුවක්ද වේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us