ඊශ්‍රායලයට එරෙහිව යෝජනාවට ඉන්දියාව සහාය පළකරයි ! විරුද්ධ රටවල් අතරින් ඇමෙරිකාව සහ කැනඩාව ඉදිරියෙන්ම !

Published in විදෙස්
Monday, 13 November 2023 09:25

පලස්තීනුවන් ජීවත් වන භූමියේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයට එරෙහිව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවකට ඉන්දියාව සහාය පළ කර තිබේ.

එම යෝජනාවට විරෝධය දැක්වූ රටවල් 7 කි. ඇමෙරිකාව සහ කැනඩාව ඒ අතරින් ඉදිරියෙන්ම සිටී.

යෝජනාව ඉදිරිපත් කෙරුණේ සිරියාවට අයත් ගෝලාන් කදුකරයේ සහ නැගෙනහිර ජෙරුසලමේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙනි.

මේ අතර ඊශ්‍රයාල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ සිවිල් වැසියන් සහ රෝගීන් සමග කිසිඳු සටනක් නොමැති බවයි.

ගාසා තීරයේ දෙවන විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල සිය මෙහෙයුම් නවතා දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන නොමැති බව පවසමින් ,ඔවුන් රෝහල වසා දැමීමට කටයුතු කළත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන ලබා දීමත් දැරූ උත්සහය ඔවුන් පතික්ෂේප කළ බවයි .

මේ අතර යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානිය විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ඉවත් කරගැනීමට විරාමයක් අවශ්‍ය බවයි .

ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ රෝහල තවදුරටත් රෝහලක් ලෙස ක්‍රියාත්මක නොවන බවයි .

ඉන්ධන අවසන් වීම නිසා ගාසාහි කමල් ඇඩ්වාන් රෝහල ද වසා දමා ඇති අතර එහි ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5000 කට අධිකයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom ගාසා හි රෝහල්වල භයානක තත්ත්වය ගැන අනතුරු අඟවා ඇති අතර, නොමේරූ ළදරුවන් ඇතුළු තවත් රෝගීන් “ඛේදජනක ලෙස” මිය යන බව පවසයි. ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම මියගොස් ඇති පිරිස 12 300 ඉක්මවා ඇති අතර ඉන් 11000 ක්ම පලස්තීනුවන් ය .

 

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us