එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොකඩවා වසර 25ක් තිස්සෙ හොබවමින් සිටින රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ගමනෙහි අවසන් පරිච්ඡේදය දැන් ලියවෙමින් පවතී. එදා මෙදා තුර රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට කළ අභියෝග සියල්ල ඔහු ජයගත්තේය. එහෙත් අළු යට තිබූ ගිණි පුපුරු නිවීමට ඔහු සමත් නොවීය. ඒ විටෙන් විට ගිණි පුපුරු විසි කරමින් යළි යළිත් මතුව ආවේය. මේ ගෙවෙන්නේ ඒ ගිණි පුපුරු විසින් යළිත් ඇතිකළ මහ ගින්නක් පැතිර යමින් තිබෙන මොහොතකි.

මෙවර ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපවන බව කියන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු තමා ජනාධිපතිවීමත් සමඟ සම්මත වන බව කියන ස්වයංජාත ව්‍යස්ථාව සම්බන්ධයෙන් මේ වන විට යම් කතා බහක් ඇතිව තිබේ. මෙරට අදට බලපැවැත්වෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සම්බන්ධයෙන් එය පැනවීමටත් පෙර සිට විවේචන එල්ල වූ අතර මේ වන විට 19 වතාවක් සංශෝධනයටද ලක්ව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ගොඩ නැගුනු ජාතික ජන බලවේගය (NNP) නම් සන්ධානයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අද දින නම් කිරීම අත්පත් කර ගත හැකිව තිබූ ජයග්‍රාහී ඉම අත් හැර දැමීමක් බවට වාමංශික පදනමක් සහිත ප්‍රාමාණික විද්වතුන්ගේ හැඟීම වී තිබේ.

බරපතල අපරාධ චූදිතයකු වන ගෝඨාභය රාජපක්ෂව නීතිය හමුවේ වරදකරුවකු වීම මඟ හැරවීමේ සිට ඔහුව පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකත්වය ලබා දිම දක්වා මෙතෙක් සිදු වී ක්‍රියාදාමය ආණ්ඩුවේ ප්‍රධානින්ගේ මැදිහත් වීම එනම් සහය මත සිදුවූ බව පැහැදිලි කාරණාවකි.

මෙය, ජනප්‍රිය සමාජවාදී කියමනකි. ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වැනි සම්ප්‍රදායික වාම පක්ෂත්, රෝහණ විජේවීර ඇතුළු නායකයන් පෙරමුණ ගත් විකල්ප මාක්ස්වාදී පක්ෂත් මේ කාරණය චිරාත් කාලයක් තිස්සේ අවධාරණය කොට තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද්දේ අද වනවිට රටේ ප්‍රශ්නය පොහොට්ටුවේ නායකයන් විසින් නිසි ලෙස තේරුම් ගත් නිසා බව ෆීල්ඩ් මාර්ෂල් හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ලංකාදීප පුවත් පතට පවසා තිබේ.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස අද දින ගෝඨාභය රාජපක්ෂ බව, මහින්ද රාජපක්ෂ විසින් නිවේදනය කළේය. මහින්ද ගෝඨාභයව නම් කිරීමට පෙර දොඩවනු ලැබූ දෑ ද අනතුරුව ගෝඨාබය රාජපක්ෂ විසින් දොඩවනු ලැබූ දෑ ද එකවිට විමසා බැලිමේදී පෙනී යන්නේ 2015 දී යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අය කිව් දේවලට වඩා වෙනසක් නැති බවය. මේ එකම කතාවක හඬ දෙකකි.

2009 සිට 2018 දක්වා ගත වූ දස අවුරුදු කාලය තුළ සියයට 5.4 ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබේ. 2019 ජුලි මාසය වන විට ශ්‍රී ලංකාව ‘ඉහළ මධ්‍යම-ආදායම්ලාභී’ රටක් බවට පත්විය. එය ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් කඩඉමකි. එබැවින් රටේ ආර්ථිකයේ ඉදිරි මාවත ගැන සලකා බැලීමටත්, ‘මධ්‍යම ආදායම්ලාභි’ රටක සිට ‘ඉහළ ආදායම්ලාභී’ රටක් බවට වර්ධනය වීම සඳහා අවශ්‍ය කරන සැලසුමක් සකස් කර ගැනීමටත් මෙය කාලයයි.

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us