'මහණ කම ඇත් ඇරල එක අඹුවක් එක්ක ඉන්නවද මහණ කමේ ඉඳලා අඹුවන් සීයක් එක්ක ඉන්නවද? කියලා තීරණයක් ගන්න'.... ලොකු හාමුදුරුවෝ එහෙම ඇහුවා යැයි මට කීවේ සාමනේර නමකි. ඒ වෙන කොට ගැහැනු ළමයකු ගැන හිත ඇදි ගොස් තිබූ ඔහු සිවුර ගලවා තබා ගිහි සැප සොයා යන්නට තීරණය කරගෙන තිබිණි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට දැන් මාස තුනකට ආසන්නයි. උග්‍ර දේශපාලනික වාදවිවාද, අනාගත මැතිවරණ උණුසුම සහ කුමන්ත්‍රණ න්‍යායයන් තුළ, අනාගත ප්‍රහාරයන් වැළැක්වීම පිළිබඳ ඉදිරි උපායමාර්ග සහ ප්‍රතිපත්ති යටපත්ව ගොසිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා නැවතවරක් සිහිබුද්ධියක් දැනුමක් තේරුමක් ඇති මිනිසුන්ට බඩ අල්ලන් හිනා විය හැකි ප්‍රකාශයක් සිදු කර තිබුණි. ඒ මරණිය දණ්ඩනයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනතෙහි තේරුම පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ චූදිතයන් ඉන් බේරාගැනිම සඳහා සිදු කළ එකක් බවට කළ ප්‍රකාශයයි. තමන් මොන තරම් තකතීරුවෙකු වුවත් ඒ ප්‍රදර්ශනය කිරීමට තීරණය කරනවා නම් එය කෙතරම් ගොං තකතීරු කමක්දයි කියන්න වචන නැත.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව ඇමැති මංගල සමරවීර කරන ප්‍රකාශයෙන් පැහැදිය.. සජිත් ප්‍රේමදාස ‍තෝරා ගැනීමේ මූලික හේතු දෙකක් ගැනද ඔහු අවධාරණය කර ඇත. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා එජාපයේම කෙනෙකු විය යුතු බවත්, ඔහුට දිනන්න හැකි විය යුතු බවත්ය. ඒ සාර්ථක හේතු දැක්වීමකි. ඒ බලාපොරොත්තු සපල කර ගැනීමේ හැකියාවද තිබෙන බව එජාප නායකයන් මෙන්ම පාක්ෂිකයන්ද විශ්වාස කරනු ඇත.

මේ දිනවල එළඹෙන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසව ඉදිරිපත් කෙරෙනු ඇති බවට කතා බහක් සහ ඒ වෙනුවෙන් සටන් කරන පිරිස්ද එමට සිටී ..එජාපයේ ජනප්‍රියම නායකයා යැයි කියන්නේද සජිත් ය. ඒ අතරේදි පොහොට්‍ටු අපේක්ෂකයා ලෙස ගොඨාභයගේ නමත් බැසිල්ගේ නමත් ශිරන්තිගේ නමත් කියවේ. ඒ කොහොම උනත් ජනාධිපතිවරණය ගැන වැඩි වැදගත් කමක් හැමදාම තිබිණි. ඒ රටේ විධායක බලතල හිමි බලවත්ම තැනැත්තා ඔහු වෙන බැවිනි. ජේ ආර් කියපු විදිහට ගැහැනියක් මිනිහෙක් කරන්නටත් මිනිහිහෙක් ගැහැනියක් කරන්නටත් හැර ඕනෑම දෙයක් එම තනතුරට කළ හැකිය. වත්මනෙහි මෙරට ජනතාවද සිතා සිටින්නෙ එහෙමය.. එහෙත් 2015 දී රාජපක්ෂ රෙජීමය පළවා හැරීමෙන් පසුව ජනාධිපතිධුරයේ බලතල යම් ප්‍රමාණයක් ඉවත් කළ අතර සිරිසේනගේ ධුර කාලයෙන් පසුව තවත් බලතල ප්‍රමාණයක් එම ධුරයට අහිමිවේ. ඒ අනුව තව දුරටත් විහායක ජනාධිපතිධුරයක් පවතින්නෙ නැත. රටේ පාලන බලය හිමිවන්නෙ අගමැති ප්‍රමුඛව පාර්ලිමේන්තුවටය.

ඒ අනුව රටේ මීළඟ ජනාධිපතිවරයා විය යුතු තැනැත්තා පිළිබඳ එක් එක් පාර්ශ්වයන් නඟන ඝෝෂාවන්ගේ කිසිදු තේරුමක් නැත. දිනන්න පුලුවන් අපෙක්ෂකයකු ඉදිරිපත් කර, ලබන ජය අනියමින් ඒ දේශපාලන පක්ෂයට මහ මැතිවරණයක ජයග්‍රහණයට යම් දායකත්වයක් සැපයීම විය හැකි නමුදු ජනාධිපතිධුරය හිමිවූවා කියා ඒ පක්ෂයටවත් රටටවත් අමුතු වාසියක් ලැබෙන්නෙ නැත. මන්ද සුරුවමක් ,පඹයෙක් හෝ රූකඩකයක් ලෙස පවතිනවාට වඩා මීලඟ ජනාධිපතිවරයාට වෙන පැවැත්මක් නැති බැවිනි.

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාසම විය යුතු බවට කෑකෝ ගහන කට්ටිය කියන්නෙ දිනන්න පුලුවන් ඔහුට නිසා ඔහුව ඉදිරිපත් කළ යුතු බවය. එහෙත් සජිත් වගේ ලොන්ත ගොබ්බයෙකු ජනාධිපතිධුරයට පත් කිරීමෙන් විය හැකි ආදීනව ගැන සිරිසේන උදාහරණයට ගත් විට වඩාත් පැහැදිලි බව සජිත්ට නොකැමති පිරිස පෙන්වා දෙන ඇත්ත ද බැහැර කළ නොහැකිය.

එහෙත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එජාපයේ මේ දෙපාර්ශ්වයේම වුවමනාව ජයග්‍රහණය කරවිය හැකි අපෙක්ෂකයා සජිත්ම පමණක් වන බව පැහැදිලිය. සජිතට දිනන්න පුලුවන් වෙනු ඇත.. එහෙත් ඔහුගේ දේශපාලනික ලොන්ත ගොබ්බකම රටේ පාලනයට බාධාවක් වන්නෙ නැත. මන්ද ජනාධිපතිධුරය නාමික තනතුරක් වන බැවිනි. ජනප්‍රිය සජිත්ව, ජනාධිපතිවරයා කර පාක්ෂිකයා පිනවා පක්ෂය ‍රැක ගත හැක. රටේ පාලනය සඳහා දූරදර්ශී නායකත්වයක් අගමැති තනතුරට පත් කර ගැනීමේ හැකියාව පක්ෂයේ ජේෂ්ඨයන්ට අවස්ථාව ලැබේ..ඊට සජිත්වාදී හෝ දෙකයි පනහේ පාක්ෂකයාගෙන් බලපෑමක් නැත. බලපෑමක් ආවත් ඒ ගනන් ගත යුතු නැති විකාරයක් නිසා නොතකා සිටිය හැක.

එජාපය තුල යළිත් නායකත්ව බලු පොර වලට ඉඩ නොතබා සජිත්ව ජනාධිපති අපේක්ෂකයා කිරීම මෙ මොහොතේ එජාප නායකත්වයට ගත හැකි සුදුසුම පියවර විය හැකිය.

පොහොට්‍ටු පක්ෂය 19 වන ව්‍යස්ථා සංශෝධනය නිසා බරපතල දේශපාලන වියවුලකට පත් වීම මේ වන විටත් සිදුව තිබේ. . මහින්ද අනුත්තර නායකයා වුවාට ජනාධිපතිධුරයට ඉදිරිපත් විය නොහැක. එහෙත් ඊට නම් කරන තැනැත්තා බැසිල් හෝ ගොඨා වීමේ සම්භාවිතාව ද ඉතා අවමය. නාමමාත්‍රික ජනාධිපති තනතුරකින් ඔවුන්ට වැඩක් නැත. ජනාධිපතිධුරයට වඩා ඒ ආණ්ඩුවේ ඇමැතිධුරයක් බලවත්ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ අසීමාන්තික බලයයි.. ඒ තත්වයන් හමුවේ..පොහොට්‍ටුව මේ මොහොතේ වඩාත්ම දේශපාලනික වියවුලකට පත්ව සිටින කණ්ඩායම බවට කිසි විවාදයක් නැත..ඔවුන්ගේ ගැලවිල්ලට සිටින්නේ සිරිසේන හෝ ශිරන්ති පමණි..එහෙත් ඊට පොහොට්‍ටු පාක්ෂිකයා කෙතරම් දුරට අනුකූලතාවයක් දක්වයිද කියන කාරනය ගැන සිතන්නට සිදුවේ.

පහත දැක්වෙන්නේ මීළඟ ජනාධිපතිවරණය සහ එම අපේක්ෂකයා සම්බන්ධයෙන් ලියැවුනු ඉතා හොඳ කරුණු දැක්වීමක් සහිත ලිපියකි

* ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැත්ද? - ආචාර්ය නිහාල් ජයවික්‍රම

(2019 ජුනි 9 වැනි දා 'සන්ඩේ අයිලන්ඩ්' පුවත්පතේ පළවූ “The Presidential Hopefuls: Have They Not Read Article 43?" නැමැති ලිපියේ සිංහල පරිවර්තනය -'යහපාලනය ලංකා' අනුග්‍රහයෙනි)

ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්දය මේ වසරේ නොවැම්බර් 8 වැනි දා සහ දෙසැම්බර් 8 වැනි දා අතර දවසක පැවැත්විය යුතුය. දැනට සිටින ජනාධිපතිවරයා නැවත ඡන්දය ඉල්ලීමට අදහසක් නැති බව මේ වන විට කියා ඇති නිසා, එළැඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ඡන්ද කොමසාරිස් විසින් ප්‍රකාශයට පත්කරන දවසේම අලූතෙන් තේරී පත්වන පුද්ගලයා ජනාධිපති වශයෙන් වැඩ බාර ගනු ඇත.

ඡන්දාපේක්ෂකයන් කිහිප දෙනෙකු දැනටමත් කරලියට විත් තිබේ. ඇත්ත වශයෙන්ම, වයස අවුරුදු 35 සම්පූර්ණ, වෙනත් රටක පුරවැසියෙකු නොවන, මීට පෙර දෙවරක් ජනාධිපති ධුරය දරා නැති, පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා නුසුදුස්සෙකු වී නැති ඕනෑම පුරවැසියෙකුට ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් විය හැකිය.

එහෙත්, ඔහුගේ/ඇගේ අපේක්ෂකත්වය එක්කෝ පිළිගත් දේශපාලන පක්ෂයකින් නිර්දේශ කළ යුතුය. නැත්නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටින හෝ සිටිය කෙනෙකු නම්, වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ඡන්ද හිමියෙකු විසින් ඔහුගේ/ඇගේ නම යෝජනා කරනු ලැබිය යුත්තේය.

2020 සිටි ඇති වීමට නියමිත පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය

මේ සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන කිහිප දෙනෙකු දැනටමත් තමන්ගේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙලවල් ඉදිරිපත් කොට ඇත. සමහරු ඒ ප්‍රකාශ නිකුත් කොට ඇත්තේ, විශාල වියදම්කාරී, තරු පහේ හෝටල්වල පැවැත්වුණු සුඛෝපභෝගී රැස්වීම්වලදී ය. තවත් අය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඒවා ප්‍රකාශයට පත්කොට ඇත.

මේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙලවල් තුළ, ආර්ථීක සහ සමාජ කරුණු ගැන මෙන්ම, ජාතික ආරක්ෂාව සහ ලංකාවේ පාලනයට අත්‍යාවශ්‍ය තවත් වැදගත් කරුණු ගැන අවධානය යොමු කොට තිබේ. එක් අපේක්ෂකයෙකු තමා ජයග්‍රහණය කළොත් ක්‍රියාත්මක කරන අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පිටපතක් ද ඉදිරිපත් කොට ඇත.

මේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙලවල් පිළිබඳ විචාරාත්මක විශ්ලේෂණ සඳහා අපේ පුවත්පත් ද විශාල ඉඩකඩක් නිරන්තරයෙන් වෙන් කරයි.

එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කර ගත් පරිදි, මේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වූ දිනයේ සිට දැනට පවතින ජනාධිපති ආණ්ඩු ක්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් බවට පත්වන බව මේ කිසිවෙකු තේරුම්ගෙන නැත්ද?

අලූත් ජනාධිපතිවරයා පත්වන දිනයේ පටන්ම රට පුරා ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙලවල් ය.

ඊළඟ ජනාධිපතිවරයාට ඇමතිවරයෙකු වීමට ද නොහැක:

ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය මගින් කියා සිටින්නේ, ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර වන්නේ අමාත්‍ය මණ්ඩලයට බව ය. එවිට පාර්ලිමේන්තුවට සාමූහිකව වගකියන්නේ අමාත්‍ය මණ්ඩලයයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 වැනි වගන්තිය යටතේ ගත් විට, ඇමතිවරයෙකු වශයෙන් පත්කළ හැක්කේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටින කෙනෙකු පමණි. ජනාධිපති සිරිසේනට ආරක්ෂක, මහවැලි සහ පරිසර අමාත්‍යාංශ තමාගේ භාරයේ තබා ගැනීමට දැනට අවසර ලැබුණේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ එන (ඔහුට සහ මේ ධුර කාලයකට පමණක් වලංගු) සංක්‍රාන්ති විධිවිධානයක් නිසාම පමණි.
ඒ තාවකාලික සංක්‍රාන්ති විධිවිධානය ජනාධිපති සිරිසේන වර්තමාන ධුරය දැරීම නතර වන මොහොතේ සිට අහෝසි වන්නේය. ඒ අනුව, ඊළඟට තේරී පත්වන ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක්වත්, කිසිම විෂයයක් හෝ කාර්යයක්වත් තමන්ට පවරා ගැනීමට අවකාශ නැත. අඩු වශයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයවත් ඔහුට තබා ගත නොහැක.

ඊළඟ ජනාධිපතිගේ භූමිකාව :

ඊළඟ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය කුමක් වනු ඇත්ද? ඔහු/ඇය රාජ්‍ය නායකත්වය හොබවනු ඇත. විධායකයේ (ආණ්ඩුවේ) නායකත්වය හොබවනු ඇත. සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරියා වනු ඇත. 1972 ව්‍යවස්ථාව යටතේ විලියම් ගොපල්ලව සිටියේ හරියටම එවැනි තත්වයකයි.

ඊටත් කලින්, 1946 ව්‍යවස්ථාව යටතේ පවා විධායක බලය තිබුණේ අග්‍රාණ්ඩුකාරවරයා අතේ ය. ශ්‍රීමත් හෙන්රි මූර්, සෝල්බරි සාමි සහ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක වැනි එතෙක් සිටි සියලූ දෙනා සෑම සතියකම සෑම අමාත්‍ය මණ්ඩල සැසිවාරයකම සටහන් පත්‍රිකාවේ පිටපතක් ලැබීමට නියමිතව සිටියෝය.

ඉන් පසු, 'ක්වීන්ස් හවුස්' හිදී සෑම බදාදා දිනකම පැවති චාරිත්‍රානුකූල දිවා ආහාරයේදී කැබිනට් තීන්දු පිළිබඳව අගමැතිවරයා විසින් ඔහුට දන්වනු ලැබීය. ඒ කාලයේ අග්‍රාණ්ඩුකාරවරයෙකු කැබිනට් රැස්වීමකට සහභාගී වූ එකම අවස්ථාව වශයෙන් සටහන් වන්නේ, 1958 හදිසි නීති තත්වය යටතේ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක වරක් ඊට සහභාගී වී ඇති අවස්ථාව පමණි.

19 වැනි ව්‍යවස්ථාවට අතපසු වී ඇතැයි සිතෙන එක කාරණයක් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි ව්‍යවස්ථාව යටතේ ඊළඟ ජනාධිපතිවරයා තවදුරටත් 'අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා' වශයෙන් සිටීමයි. සමහරවිට එහි අදහස වෙනවා ඇත්තේ, පාර්ලිමේන්තුවේ සභාපතිත්වය වර්තමානයේ කතානායකවරයා විසින් දරන්නා සේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දැරීම විය හැකිය.

එවිට අමාත්‍ය මණ්ලඩයේ න්‍යාය පත්‍ර පිළිබඳ සිය අදහස් දැක්වීමටත්, ඔහු ප්‍රිය කරන කාරණයක් එහිදී මාතෘකාව කර ගැනීමටත් හැකියාව තිබේ. එහෙත් යම් විෂයයක් සම්බන්ධයෙන් තමාගේ 'ප්‍රතිපත්තිය' ක්‍රියාවේ යෙදවීම ඔහුට කළ හැකි දෙයක් නොවේ.

එසේ වුවහොත් එය, එකී විෂය භාර අමාත්‍යවරයාගේ විෂයපථය ජනාධිපතිවරයා විසින් ආක්‍රමණය කරනු ලැබීමක් වන්නේය.

ජනාධිපතිවරයා කටයුතු කරන්නේ උපදෙස් මත පමණි:

ජනාධිපති ධුරය සම්බන්ධයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ වන විටමත් ඇති කොට තිඛෙන වෙනස්කම්:

1. ජනාධිපතිවරයා සතුව තිබූ නෛතික මුක්තිය ඉවත් කිරීම.

2. ඉහළ අධිකරණවල විනිසුරුවරුන්, නීතිපතිවරයා සහ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, 'ව්‍යවස්ථා සභාවේ' නිර්දේශයන්ට යටත්ව පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම

3. ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, 'ව්‍යවස්ථා සභාවේ' නිර්දේශ යටතේ පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම.

4. ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය, පාර්ලිමේන්තුවේ මුළු වාර කාලයේ අවසාන මාස හයේදී මිස වෙනත් අවස්ථාවක නම්, පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත පමණක් කළ හැකි කාර්යයක් බවට පත්කිරීම.

5. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම.

6. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම.

7. අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීම.

රාජ්‍ය නායකයෙකු සතු සම්ප්‍රදායික බලතල:

පැහැදිලිවම, ඉදිරි ජනාධිපතිවරයාට ද රාජ්‍ය නායකයෙකු සතු සම්ප්‍රදායික අයිතීන් හිමි වනු ඇත. උදාහරණයක් වශයෙන් ඔහුට යුද්ධ ප්‍රකාශයට පත්කිරීමට පුළුවන. එසේ වෙතත්, ඔහු එසේ ප්‍රකාශයට පත්කෙරෙන යුද්ධය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන මිනිස් බලය සහ අවි ආයුධ ආදිය රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා විසින් සපයන්නේ නම් මිස ඔහුගේ යුද්ධ ප්‍රකාශය සක්‍රීය නොවන්නේය.

එසේම ඔහුට වෙනත් රටක් වෙනුවෙන් අපේ තානාපතිවරයෙකු පත්කළ හැකිය. එහෙත්, එසේ පත්කරනු ලබන තැනැත්තා අරභයා එකී විදේශ රාජ්‍යයේ 'අනුමැතිය' අපේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා විසින් ලබා නොගන්නේ නම්, එසේ අලූතෙන් පත්කළ තානාපතිවරයාට එකී රටට පය ගැසීමට නොලැඛෙන්නේය.

එසේම ජනාධිපතිවරයාට හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත්කිරීමත් කළ හැකිය. එහෙත්, එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මානව සහ වෙනත් සම්පත් අමාත්‍ය මණ්ඩලය මගින් සම්පාදනය කර නොදෙන්නේ නම් සහ එම හදිසි අවස්ථා තත්වය පාර්ලිමේන්තුව මගින් අනුමත නොකරන්නේ නම්, ඔහුගේ ප්‍රකාශය සක්‍රීය නොවන්නේය.

එසේම, පාර්ලිමේන්තුවේ සෑම සභා වාරයක් ආරම්භයේදීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔහුට කියැවිය හැක්කේය. එහෙත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය, අගමැතිවරයා විසින් සම්පාදනය කොට අමාත්‍ය මණ්ඩලය මගින් ඉදිරිපත් කරනු ලබන්නක් මිස ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවන්නේය.

නිගමනය:

ඉතිං, සමහරු ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ, ඒ ජනාධිපති තනතුරට හිමි වන්නේ එවැනි චාරිත්‍රානුකූල කාර්ය භාරයක් පමණක් බව හොඳින්ම දැනගෙන නම්, එයින් අදහස් වන්නේ, ඔවුන් ස්වයං-මාන්නයක් හෝ ස්වයං-ප්‍රසාදයක් පිළිබඳ යම් ආශාවක වෙලී සිටින බවක් මිස, මහා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් හෝ සුභසාධන සැලසුමක් ක්‍රියාවට නැංවීමේ ආශාවකින් පෙළෙන නිසා නොවන බවට අපට උපකල්පනය කිරීමට සිදු වෙයි.

ජනාධිපති තරගය සඳහා පවතින ගාමක බලය එසේ වන්නේ නම්, ප්‍රකෝටි ගණනක ධනයක් එවැනි පුද්ගලයෙකු තෝරා ගැනීම සඳහා කුමට නම් වැය කරමු ද? රට පුරා ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් දහස් ගණනකගේ ජීවිත කුමට නම් පරදුවට තබමු ද?

ඉතා බුද්ධිමත්ව 20 වැනි සංශෝධනය මගින් ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කොට ඇති ආකාරයට සහ අපේ අසල්වැසි ඉන්දියාව ඇතුළු වෙනත් බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දැනටමත් කරන ආකාරයට, දැනුම සහ පරිචය ඇති, එමෙන්ම සුපිළිපන් භාවයෙන් යුත් පුද්ගලයෙකු ජනරජයේ එකී නිර්-දේශපාලනික උත්තරීතර තනතුර සඳහා තෝරා ගැනීම, පාර්ලිමේන්තුව හරහා හෝ ප්‍රජාතන්ත්‍රීයව ව්‍යවස්ථාපිත වෙනත් 'මැතිවරණ කොලීජියක්' හරහා හෝ නොකළ යුත්තේ ඇයි?

පසුගිය දශක කිහිපයක් පුරා සිංහල බෞද්ධ මහ ජාතිවාදය විසින් සුලු ජාතිකත්වයන්ට එරෙහිව කරන ලද කුප්ප කම් වල ප්‍රතිපල ලෙස තිස් අවුරුදු ජනසංහාරක යුද්ධයකට මැදි විය. එය මුසල්මානුවාගේ සහයද ඇතිව ජන සංහාරක ම්ලෙච්ඡ පළිගැනීමකින් තාවකාලිකව අවසන් කළ නුමුත් තව දුරටත් වර්ධනය වෙමින් පවතී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මීළඟ ජනධිපතිවරණය මෙ වසර අගභාගයේදී කැඳවීමට නියමිත අතර ජනාධිපති සිරිසේන විසින් මිළඟ ජනාධිපතිවරණය දෙසැම්බර් 07 වෙනිදා පැවැත්වෙන බවට ඉන්දියාවේදී ප්‍රකාශයට පත් කර ද තිබේ.

මුළුමනින්ම මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව තිබී 'ඩොමීනියන් රාජ්‍යක්' ලෙස නිල වශයෙන් රාජ්‍ය පාලනයෙහි වූ සීරුමාරුව 'නිදහස' ලෙස හඳුන්වා ගනිමින් එහි 71 වැනි වර්ෂය සමරන මේ මොහොතේ ඒ ලබාගත් නිදහස උත්කර්ෂයට නැංවෙන සේ කියන්නට ඕනෑ තරම් කයි කතන්දර තිබේ.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us