අර්බුදයට ලක්ව තිබෙන මෙරට සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන්ට ලබා දී ඇති සහන තවදුරටත් ලබාදීඹ කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේනවා .

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා එම තනතුරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියැදුරු හා නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති 34 ක් අද (30 වැනිදා) වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ ප්‍රකාශ කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සිහිපත් කරමින් පසුගිය අප්‍රේල් මස 21 වනදා පාර්ලිමේන්තුව තුළ සිදු වු සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ කථානායකවරයා වෙත භාර දීමට නියමිතව තිබේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාදීම එහි පළමු මාත්‍රාව ලබාදී සති 45 දක්වා ප්‍රමාද කිරීමෙන් කොවිඩ්-19ට එරෙහි ප්‍රතිශක්තිය ඉහළ නංවන බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

පවතින වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත රටවල් 08ක සිට පැමිණෙන ගුවන් මගීන්ට එළඹෙන ජූලි 01 වනදා සිට එම මස ජූලි 31 වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

කෘෂිකාර්මික කටයුතු සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට රජය ගත් තීන්දුවට දිගින් දිගටම ගොවීන්ගෙන් මතුවන විරෝධය හේතුවෙන් ඒ සඳහා ගත යුතු විසඳුම් පිලිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි නායකයින් සමඟ සාකච්ජාවක් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විදේශයන් හි පවත්නා විවිධ වෘත්තීන් 25ක ඉල්ලුමට සරිලන පරිදි මෙරට තරුණ තරුණියන් ලක්ෂයක්(100,000) ඉහළ වෘත්තීය නිපුණතාවන් සහිතව එම රැකියා සඳහා සූදානම් කිරීමේ ජාතික වැඩසටහනක් ඇරැඹේ.

ld add copy

Connet With Us