කොවිඩ් තත්ත්වයෙන් සියලු දෙනා ආරක්ෂා කරගැනීමේ අරමුණින් සෑම නිවසකටම දේශීය ඖෂධ මංජුසාවක් බෙදාදීමේ වැඩසටහනක් ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසනවා.

කෙරවලපිටිය බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධ ප‍්‍රශ්නය විසඳා ගැනීමට අද (23) අගමැතිවරයා සමග සාකච්ජා කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ පවසයි.

රටේ සියලු ක්ෂේත්‍රවල පුනර්ජීවනයක් ඇති කිරීමේ අරමුණින් ලබන වසරේ අය වැය සදහා යෝජනා ලබා ගැනීම ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමෙන් ආරම්භ කර ඇත.

ලෝකයම මුහුණ දී ඇති කොවිඩ් වසංගතය මනුෂ්‍ය වර්ගයාට විනාශකාරී බලපෑමක් ඇතිකර තිබේ. වසංගත තත්ත්වය හමුවේ සිය සමීපතමයන් අහිමි වූ සියලු දෙනාට සංවේගය පළ කළ ජනාධිපතිතුමා වසංගත තත්ත්වය කළමනාකරණය සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලින් විසින්ශ්‍රී ලංකාවට සපයන ලද මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර පිළිබඳව ද සිය ස්තූතිය පිරිනැමීය.

අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තෙට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත අද (22 වැනිදා) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.

මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඞ් කබ්රාල් මහතා පත්කිරීමට එරහිව හිටපු ආණ්ඩුකාරවරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන මස 07 සිදුකිරීමට අභියාචනාධිකරණය අද තීරණය කර ඇත.

බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සමඟ සහයෝගීව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව සිය කැමැත්ත පළකර තිබේ.

දැවි තෙල් ජාවාරම සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන අංශය මගින් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ld add copy

Connet With Us