සුද්දෝ VAT වලින් නිදහස්

Published in පුවත්
Wednesday, 31 January 2024 11:03

විදෙස් සංචාරකයන් මෙරට වෙළෙඳපොළෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද වැට් බද්ද නැවත ලබා ගතහැකි (Refund) විශේෂ කවුළුවක් පෙබරවාරි මස 10 වැනිදාට පෙර කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ විවෘත කිරීමට කටයුතු යොදා ඇතැයි ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි.එරන්ද පැවසීය.

මේ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම කවුළුව පවත්වාගෙන යන බවත්, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් වැට් ගෙවූ බවට සඳහන් කරන ලද අදාළ බිල්පත් එම කවුළුවට ඉදිරිපත් කිරීමෙන් පසුව, අදාළ වැට් මුදලින් සියයට 80 ක් සංචාරකයාට නැවත ලබාදෙන බවද අධ්‍යක්ෂවරයා කීවේය.

මෙම වැඩපිළිවෙළ ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

මෙහි දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වැට් බදු ගෙවන ආයතනවලින් විදෙස් සංචාරකයන් භාණ්ඩ හා සේවා ලබාගැනීමෙන් පසුව නිකුත් කරන බිල්පත අදාළ කවුළුව වෙත ඉදිරිපත් කළ යුතුය.

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන සීගිරිය ආදී පුරා විද්‍යා ස්ථාන නැරඹීමට යන විදෙස් සංචාරකයන්ගෙන් මෙතෙක් අය කරන ලද ප්‍රවේශ පත්‍රය සඳහා අමතර ඩොලර් පහක වැට් බද්දක් ගෙවීමට විදෙස් සංචාරකයන්ට සිදුවූ අතර, එම වැට් බද්ද නැවත අය කරගැනීමටද මින් අවකාශය සැලසේ.

මෙරට භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද අධ්‍යක්ෂවරයා කීවේය.

එමෙන්ම, මෙලෙස බදු නැවත විදෙස් සංචාරකයන්ට අය කරගැනීමේ අවස්ථාව සලසාදීම මගින් මෙරට බදු ක්‍රමය සම්බන්ධව විදෙස් රටවල ඇගයීමට ලක්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us