2024 මුල් මාස 05 තුළ සමස්ත අයවැය හිඟය රු. බිලියන 366.80 ක් බව වාර්තා වේ.

ලොව සෑම මිනිසුන් 11 දෙනෙකුගෙන් එක් අයෙක්ම කුසගින්නෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමා ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවත ඔහුගේ ජයග්‍රහනණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය අපේක්ෂා කරන බවත් සඳහන් කරමින් එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්ථා වී ඇත.

තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් සංවිධානය කර ඇති බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කර තිබෙන බවට වාර්තා වේ.

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබේ.

නිසි බලපත්‍ර ලබා නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට මින් ඉදිරියට රුපියල් මිලියනයක දඩ මුදලක් පනවා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ පවසයි 

තේ පොහොර සහනාධාරය රුපියල් හාරදහස දක්වා ඉහළ නංවා තිබෙනවා.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ (28 වැනිදා) පැවැති “ජාතික සමස්ත ලංකා හෙද සමුළුව“ සඳහා හෙද හෙදියන් සිය නිල ඇඳුමින් පැමිණ සිටීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (CAFE) සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිලි කර ඇත.

ld add copy

Connet With Us