2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීම හේතුවෙන් තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පවසා සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඒ මහතාගේ මැතිවරණ කඳවුර සමග එක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් නව සන්ධානයක්  නිර්මාණය කිරීමට නියමිත බව වාර්තාවේ.

පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රට විනාශ කිරීමට ඉඩදිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවෙමින් ජනාධිපතිවරයා ඊයේ (13 වැනිදා)  මේ බව පැවැසීය.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.08.26 වන දා සිදුකරන බව එම කොමිසම පවසයි.

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව අද (14) රැස්වීමට නියමිතව තිබේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත.

ld add copy

Connet With Us