තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් ඇරඹේ

Published in පුවත්
Wednesday, 04 September 2024 08:13

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් (04) ආරම්භ වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් සඳහන් කර සිටියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවෙන බවයි. 

මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,

"විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ඔබට වෙන්කළ දිනයේ ඔබගේ සහතික නිලධාරියා විසින් ඔබට වෙන්කරන ලද කාලය තුළදී ඇවිල්ලා ඡන්දය පාවිච්චි කරන්න. යම් ලෙසකින් ඔබට නියමිත දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් 11 හෝ 12 දින තුළ දී ඔබගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ විශේෂ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කරනවා. මේක දිස්ත්‍රික්ක 25ම ක්‍රියාත්මකයි. කච්චේරිය ආශ්‍රිතව. එතැනට ඇවිත් අපි විසින් පත්කරනු ලබන සහතික කරන නිලධාරියෙක් ඉදිරියේ ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්."

මෙවර ජනාධිපතිවරණය සඳහා වැඩිම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන 76,977 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා සිටී.

අවම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන 3,566 දෙනෙකු මුලතිව් දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා ඇති බව සඳහන්ය.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව 35,636ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us