විදෙස් ගමන් බලපත්‍රය ඔක්තෝම්බර් සිට අලුත් වෙයි

Published in පුවත්
Wednesday, 04 September 2024 08:26

නවීන ගමන් බලපත්‍රයක් ඔක්තෝබර් මාසයේ සිට අඩු මිලකට ලබා ගැනීමට අවස්ථාව හිමි වන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක දී පවසා තිබේ.

දීර්ඝ කාලයක් ගමන් බලපත්‍ර සැපයූ ආයතනය හැර වෙනත් ආයතනයකින් ඩිජිටල්කරණ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම නිසා යම් පමාවක් සිදුව ඇති බවත් ඒ පිළිබඳ රජයක් ලෙස කනගාටුව ප්‍රකාශ කරන බවත් හෙතෙම කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙස ද  පැවැසීය.

ආර්ථික පරිවර්තන පනතක් පාස් කරලා තිබෙනවා ව්‍යවස්ථාදායකය විසින්. ඒ අනුව තරගකාරී අපනයනාභිමුඛ වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති කරලා කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩි කරන්න ඩිජිටල්කරණයට යායුතුමයි. නැත්නම් රට ඉස්සරහට ගෙනියන්න බැහැ. සිංගප්පූරුව වගේ රටකට ඇතුළු වෙන්නවත් බැහැ නව තාක්ෂණික ඩිජිටල් ක්‍රමවේද නැතුව. ඩිජිටල්කරණ හැඳුනුම්පතක් අනෙක් රටවල තිබෙන සම්මතයන්ට අනුව සකස් කරගෙන යන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ප්‍රකාරව වඩා විනිවිදභාවයෙන් ටෙන්ඩර් කැඳවීම් හා ප්‍රසම්පාදන ක්‍රියාවලින් සිදුවිය යුතු නිසා දීර්ඝ කාලයක් ගමන් බලපත්‍ර සැපයූ ආයතනයෙන් හැර වෙනත් ආයතනයකින් ඩිජිටල්කරණ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම නිසා තමයි පමාව සිදුවෙලා තිබෙන්නේ. කැබිනට් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කළා. එහිදී ඔක්තෝබර් මාසය වෙනකම් අපට තිබෙන හදිස්සියට ඒ රටවල පාස්පෝට් මුද්‍රණය කර ගන්න බැහැ. දියුණු තාක්ෂණික ක්‍රමවේද මත තමයි ගමන් බලපත්‍රයක් සකස් කරන්නේ.

ඒ ක්‍රියාවලියෙදී හදිසියේ එවැන්නක් මුද්‍රණය කර ගැනීමට ආයතනයක් නැති නිසා මේ ප්‍රසම්පාදන ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිවල ඇති වන විවිධ පමාවීම් නිසා ගමන් බලපත්‍ර හිඟයක් ඇතිවෙලා තිබෙන බව ඇත්ත. ඒ පිළිබඳ රජයක් ලෙස කනගාටු වෙනවා. කනගාටුව ප්‍රකාශ කරන අතරම කඩිනම් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විෂය භාර ඇමැතිවරුනුත් මැදිහත් වෙලා ඒ අනුව ඩිජිටල්කරණය කළ මෙම ගමන් බලපත්‍රයට වඩා අඩු මිලකට ලබාගන්න පුළුවන් නවීන ගමන් බලපත්‍රයක් ඔක්තෝබර් මාසයේදී ලැබෙනවා. ඔක්තෝබර් වෙනකම් කෙටි කාලයකදී මෙවැනි හිඟයක් තිබෙනවා. මෙවැනි ගමන් බලපත්‍ර හිමියන්ට පමණක් නොව මීට වසර දෙකකට පෙර රටේ ළදරුවන්ට කිරි පිටි නැතුව ලෙඩ්ඩු මැරෙද්දි බෙහෙත් නැතුව ඛනිජ තෙල්, පොහොර, රසායනික පොහොර ද්‍රව්‍ය නැතුව අප විශාල දුෂ්කර අඩියකට වැටිලා ඉඳලා තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමත් අන්තර්ජාතික ගිවිසුම් මත පදනම් වෙමින් තමයි ඉදිරියට ඇවිත් තිබෙන්නේ. මම මෙය භාරගත්ත දවසේ ඉඳලා උත්සාහ ගන්නවා ඊ-ටිකටින් ක්‍රමයක් හඳුන්වා දෙන්න. තාම බැරි වුණා. දුම්රියට පමණක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර ගන්න ක්‍රමය හඳුන්වා දෙන්න පුළුවන් වුණා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us