රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පළපුරුද්ද සහ ජාත්‍යන්තර සම්බන්ධතා සහ වැඩපිළිවෙළක් තිබුණ නිසා මේ රට ගොඩගන්නට පුළුවන් වුණේ යැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක හෝමාගමදී මහතා ඊයේ (12) පැවසීය.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතව තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද (13) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා (16) දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

විදෙස් අමාත්‍ය අලි සබ්රි  අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බොරු පොරොන්දු, සුරංගනා කතා පසෙක තබා යථාර්තය පහදා දෙන විට එය බොහෝ දෙනෙකුට අමිහිරි වූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  පවසයි.

ld add copy

Connet With Us