රනිල් අතෑරපු නාමල් බබා, සජිත්ගේ ඔඩොක්කුවට! සජබ මන්ත්‍රීවරු තීන්දුවකට සැරසෙයි!   Featured

Published in පුවත්
Saturday, 14 September 2024 17:07

රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලා අතර සමීප සබඳතාවයක් ඇති බවට පසුගිය වකවානුවේ ප්‍රවෘත්ති නිර්මාණය වුණද අද වනවිට තත්ත්වය සහමුලින්ම වෙනස් වී නාමල් ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ ආරක්ෂකයා බවට සජිත් ප්‍රේමදාස පත්වී ඇතැයි සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජේෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් අතර සකච්ඡවක් පසුගියදා සිදුව තිබේ. ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයක හිමිකරුවෙක් සහ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මේ වනවිට සමගි ජනබලවේගයට සහය දක්වන පාර්ශ්වයේ බස්නාහිර පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීම මත අදාල රහසිගත සාකච්ඡාව සිදු වී ඇති බව සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා පවසයි.

මේ පිලිබදව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු අතර බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති අතර රනිල් වික්‍රමසිංහ විසින් අත් හැර දැමූ රාජපක්ෂලා සජිත් ප්‍රේමදාස විසින් සමීප කරගැනීම තුලින් පැහැදිලි වන්නේ මීට පෙර සමගි ජන බලවේගය අතහැර ගිය පිරිස් කළ චෝදනා සත්‍ය වී ඇති බවද පැවසේ.

මේ වන විට සිදුවෙමින් පවතින්නේ රාජපක්ෂලා නියෝජනය කරන පොහොට්ටු පාර්ශවය සජිත් ප්‍රේමදාස සමග එක්වීම බවත් එයින් සිදුවන්නේ රාජපක්ෂලාට ඇවැසි සමගි ජනබලවේගයක් නිර්මාණය වී පාක්ෂිකයන්ට එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජන බලවේගය ද අහිමි වී යාම බවත් ජෙෂ්ඨ මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක් ඇතිවී තිබේ.

රටේ ජනතාවගේ බලවත් අප්‍රසාදයට පත්ව ඇති රාජපක්ෂලා සහ සජිත් ප්‍රේමදාස අතර ඇති ගිවිසුම දීර්ඝ කාලීන සමීප සබඳතාවයක ප්‍රතිඵලයක් බවද වාර්තා වෙයි.

මීට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ ගැනීමේ චෝදනාවකට ලක්ව අත්අඩංගුවට පත්වීමට ගිය අවස්ථාවේ ඇයව බේරා ගනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි. එබැවින් රාජපක්ෂලා සහ ප්‍රේමදාසවරු අතර ඇති සබඳතාවය සජිත් නාමල් නව ගිවිසුම හරහා තවදුරටත් තහවුරු වන බවද මන්ත්‍රීවරු පෙන්වාදී තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කිරීමට මන්ත්‍රීවරු විශාල පිරිසක් සූදානම්ව සිටින අතර එහෙත් ඒ සඳහා සජිත් ප්‍රේමදාස වෙලාවක් ලබාදී නැති බවද වාර්තා වෙයි.

Last modified on Saturday, 14 September 2024 17:17

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us