subash

subash

ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර දැඩි කරන බව ඊශ්‍රායලය පවසයි.

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වී තිබේ.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාවට අනුවම ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පවත්වා 2025 මුල් භාගයේ දී පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

කිසිවකු හෝ තවකෙකුගෙන් ණය මුදලක් ගැනීම තමන්ගේ දුර්වලතාවය ප්‍රකාශ කිරීමක් වන්නේ නැත. ණයක් ගන්නේ අවශ්‍යතාවයක් සම්පුර්ණ කරගෙන නැවත ණය ගෙවීමේ පොරොන්දුව මතය. පොරොන්දුවක් දෙන්න නම් ඒ පොරොන්දුව ඉටු කිරීමේ හැකියාව තිබිය යුතුය. සමත්කම කියන්නේ ඒකටය.

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම සංචාරය නිමා කර ඊයේ (20) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

නියඟ තත්ත්වයක් හෝ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමක් වැනි සුවිශේෂ කරුණක් නොවුණ හොත් ලබන වසරේ ජූලි 1 දින දක්වා යළිත් විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍රද සිල්වා පැවසීය.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අසමත් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය පවසා තිබෙනවා.

රජයේ රෝහල්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රෝගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබාදීම වෙනුවෙන් හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information Management System) මේ වන විට රෝහල් අසූවක පමණ සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.

දේශපාලන කොන්දේසිවලින් තොරව ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට සහ එහි අපනයනවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ජනාධිපති ෂී ජින්පිං අද .(20) බීජිං හි පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතාවේ 3 වැනි නායක සංසදයට එක්වීම සඳහා චීනයට පැමිණ සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පෙරවරුවේ හමු වී තිබෙනවා.

Connet With Us