ජාතියේ කෂේරුකාව රනිල් ! - The Chatham Street Journal Featured

Saturday, 21 October 2023 11:25

කිසිවකු හෝ තවකෙකුගෙන් ණය මුදලක් ගැනීම තමන්ගේ දුර්වලතාවය ප්‍රකාශ කිරීමක් වන්නේ නැත. ණයක් ගන්නේ අවශ්‍යතාවයක් සම්පුර්ණ කරගෙන නැවත ණය ගෙවීමේ පොරොන්දුව මතය. පොරොන්දුවක් දෙන්න නම් ඒ පොරොන්දුව ඉටු කිරීමේ හැකියාව තිබිය යුතුය. සමත්කම කියන්නේ ඒකටය.

මෙහිදී යම් යම් කොන්දේසි වලට යට වෙන්න සිදුවීම විය හැකි නමුත් එම කොන්දේසි වුවත් තමන්ට ඉටු කළ හැකි ලෙස කේවල් කිරීමේ හැකියාව තිබිය යුතුය. නමුත් ඒ කළ හැක්කේ තමන් තුළ ඊට හයියක් විශ්වාසයක් තිබේනම් පමණි. එහෙම කේවල් කිරීමකින් ණය දෙන්නා එකඟවන තැනට පත්කරගැනීමත් තවත් සමත්කමකි.

ශ්‍රී ලංකාව බංකොලොත් තැනට ඇද වැටීම, පෙර සිටි පාලකයන් ගත් වැරදි තීන්දු තීරණ වල ප්‍රතිපලයකි. නමුත් නැවත නැගිටීමේ හැකියාව රටට තිබෙන බව ඉතා කෙටි කලකින් ඔප්පු කිරීමට හැකි විය. ඒ, ඊට නිසි නායකත්වය ලැබුණු නිසාය. අද ජනාධිපති රනිල් ලෝකයේ කේන්ද්‍රීය බල කඳවුරු දෙක සමඟ සමාන ගනුදෙනුවක් කරමින් රටේ අභිවෘද්ධියට කටයුතු කරමින් සිටින්නේ ඒ නායකත්වයේ ගුණය නිසාය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය දෙවන ණය වාරිකය ලබාදීම සඳහා මේ මොහොත වන විට එකඟව තිබේ. මේ එකඟතාවය ලැබෙන්නේ මුල්‍ය අරමුදලේ කොන්දේසි සියල්ල ඉටුකර සම්පූර්ණ කර නොමැති තත්වයන් හමුවේය. එතෙක් මෙම ණය සහය නොලැබෙනු ඇති බවට ජනාධිපතිවරයාට චෝදනා කරමින් උසුලු විසුළු කරමින් විපක්ෂ කොටස් දඟලමින් සිටියේය. ජනතාව පීඩාවට පත්වන තීරණ ගතනොහැකි නිසා මුල්‍ය අරමුදලේ නිර්දේශ ඒ ආකාරයෙන්ම ඉටු කළ නොහැකි බවත් අපට කළ හැකි දේ මෙපමණ බවත් පෙන්වා දෙමින්, රටේ කොන්දේසිවලට මුල්‍ය අරමුදල එකඟ කරවාගැනීමට ජනාධිපතිවරයාට හැකිව තිබිණි. ඒ අනුව ජනතාව වෙනුවෙන් කේවල් කිරීමේ සමත්භාවය ඔහු පෙන්වා ඇත.

මේ අතර චීනය සමඟ ගනුදෙනුවේදීත් චීන ජනාධිපතිවරයා කිසිදු දේශපාලනික කොන්දේසියකට ශ්‍රි ලංකාව යටත් නොකරමින් දිය හැකි උපරීම සහය දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොරොන්දු වීමත් එෛතිහාසික ප්‍රතිපලයකි. මන්ද චීන ණය කියන්නේ උගුලක්ය, ඒ නිසා චීනෙත් එක්ක ගනුදෙනු පරිස්සමෙන්ය, යන්න ලෝකයේ පොදු මතයක්ව තිබෙන වකවානුවක, චින ණය, උගුලක් නොවී ගැලවීමේ මාර්ගක් බවට පත්කරගැනීමට ජනාධිපතිවරයා සමත් වීමය. ඒ අනුව ජනාධිපතිවරයා ඒ ගනුදෙනුවත් බේරාගත්තේ රටට වඩාත් වාසි වන ආකාරයෙන්ය. මුල්‍ය අරමුදලේ සහය අඛන්ඩව හිමි කරගැනීමත් චීනය මෙරට ආර්ථිකය වෙනුවෙන් ලබා දියහැකි සහය කොන්දේසිවලින් තොරව ලබාදෙන බවට පොරොන්දු වීමත් සිදු වන්නේ ජනාධිපතිවරයා පසුගිය කාලය මුළුල්ලේ කළ ජාත්‍යන්තර මෙහෙයුමේ ප්‍රබලත්වය නිසාය. තමන් බටහිර ගැත්තකු නොවන බවත් චීන ගැත්තකුද නොවන බවත් මෑතකදී විදේශ මාධ්‍යයක් හමුවේ අවධාරණය කළ ජනාධිපති කීවේ තමන් ශ්‍රී ලංකාවේ ගැත්තකු පමණක් බවය. ඔහු එය භාවිතාවෙන්ම ඔප්පු කළේ මේ කඳවුරු දෙකේම සහය මෙරටට ලබා දෙමින්ය.

ගෝලීය බල කේන්ද්‍ර දෙකක් හා සංවාද විසංවාද කරමින් රටට අවශ්‍යම දේ ඒ අවශ්‍යම ආකාරයට ලබාගැනීමට සමත් වීම රටේ අභිමානය රැකගැනීමකි. බල කඳවුරු ඉදිරියේ නිවට නියාලුව වැඳ වැටෙනවා වෙනුවට, බලවත් වීදේශ ප්‍රතිපත්තියක් අනූගමනය කරමින් රටේ වටිනාකම පෙන්වමින්, ලෝකය තුළ තමන්ගේ තැන ආරක්ෂා කරගෙන සිටීම පහසු වැඩක් නොවේ. මෙරට ඇතැම් නායකයන් තමන්ගේ කන්‍යාභාවය මෙන් රැකගත් දේශපාලන ප්‍රතිපත්ති පවා, පාවාදෙමින් වාසියට, ලේසියට, කාසියට බලකඳවුරු හා ගනුදෙනු බේරාගැනීමට දෙකට නැවෙන විට ජනාධිපති රනිල් කියන්නේ සෘජු දේශපාලනික ක්ෂේරුකාවත් සහිත මහ පුරුෂයෙකි. එය දැන් රටේම කෂේරුකාවය.

- the chatham street journal (csj.lk) පුවත්පතෙන් ගත් උපුටනයකි.

 

Last modified on Saturday, 21 October 2023 11:25

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us