යටවන කොළඹ නගරය ගැන පාර්ලිමේන්තුවේ අවදානය ! Featured

Friday, 20 October 2023 08:37

කොළඹ නගරය විටින් විට ජලයෙන් යට වී ජලය පිටාර ගැලීමේ ගැටළුව පිළිබඳ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වී ඇත.

එහිදී අනාවරණය වූ කරුණක් වූයේ කොළඹ නගර සභාව සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව අතර විධිමත් ආකාරයේ සම්බන්ධීකරණයක් නොමැති බවයි.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා.

කොළඹ නගරය තුළ මුල් අවස්ථාවේ හඳුනාගත් මූලික ව්‍යාපෘති 15, මේ වන විට 20 දක්වා වැඩි වී ඇති නමුත්, ඉන් 2015-2019 කාලය තුළ මහා නගර අමාත්‍යාංශය මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 6 ක් හැරෙන්නට පසුගිය වසර තුනක කාලය තුළ, වෙනත් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කොළඹ මහනගර සභාවට නොහැකි වී ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

එබැවින් පිටාර ජලය ඇතිවීම වැළැක්වීම සඳහා, අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කරන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් කොළඹ මහ නගර සභා නිලධාරීන්ට නිර්දේශ කළ අතර, ඒ සම්බන්ධව විටින් විට විමර්ශනයක් සිදු කිරීමට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව බලාපොරොත්තු වන බව ද, දැන්ම් දුන්නා.

එමෙන්ම, අදාළ ඉතිරි ව්‍යාපෘති සම්බන්ධයෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනත් සමඟ සාකච්ඡා කිරීමට කොළඹ මහ නගර සභා නිලධාරීන් යොමු කිරීමට ද, කමිටු සභාපතිවරයා විසින් මෙහිදී කටයුතු කරන ලදී. එමෙන්ම, කොළඹ නගරය වැසි ජලයෙන් යට වීම වැලැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව කොළඹ නගර සභාව වෙත නිර්දේශ කළා.

එයට අමතරව සමනල වැවේ වැව් බැමිමේ වසර 30ක් තිස්සේ පවතින ජල කාන්දුව සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධ‍යෙන් සාකච්ඡා කෙරුණා.

සමනල වැවේ ජල මට්ටම අඩුවීමත් සමග එහි තිබූ සිදුරු කිහිපයෙන් ප්‍රධාන සිදුරු හඳුනා ගැනීමට හැකියාව ලැබුණු නමුත් විදුලිබල මණ්ඩලය ඒ අවස්ථාවේ නිසි පියවර නොගත් බව කමිටුව හමුවේ අනාවරණය වුණා.

මෙම කාරක සභාවට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල‍ය සහභාගී නොවීම පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු වූ අතර පාර්ලිමේන්තු කාරක සභාවකට කැඳවීම් කළ විට ඒ සඳහා සහභාගී වීම අනිවාර්ය බවත්, එසේ නොකිරීම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කළා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙත දන්වන ලෙස කාරක සභාව කාරක සභාවේ ලේකම්වරියට උපදෙස් ලබා දුන්නා.

සමනලවැවේ සිදුර එක දිගට වසර 30 ක පමණ කාලයක් මේ ආකාරයෙන් පැවතීමේ අනතුරුදායක බව පිළිබඳ භූ විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශව කැඳවීමට සහ ඒ පිළිබඳ ක්‍රියා කිරීමට කාරක සභාව හමුවේ සියළු පාර්ශවය එකඟතාවය පළ කළා.

එමෙන්ම කැළණි ගඟ සහ කළු ගඟ දෙපස බ්‍රිතාන්‍ය සමයේ පටන් පවතින පැරණි බැමිවල අනතුරුදායක භාවයක් පවතින බවත් මේ තත්ත්වයම සමනල වැව ආශ්‍රිතව ද පවතින බවත්, සමනල වැව වේල්ලට යටින් පවුල් 2000 ක් පමණ ජීවත්වන බවත්, එබැවින් ඒ ජනතාවගේ ජීවිත සහ කොළඹ නගරයේ ජන ජීවිත පිළිබඳ කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය වුණා.

අදාළ සියලු ආයතන එක්රැස් වී වේලි ආරක්ෂණය පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නා.

-P.M

Last modified on Friday, 20 October 2023 08:38

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us