subash

subash

වැඩිවන විදුලි ගාස්තුවට සාපේක්ෂ්ව බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩිවීමක් සිදුවිය හැකි බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණයකට පැමිණ තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය මුදා හැරීමට කාර්ය මණ්ඩල එකඟතාව පළවී තිබෙනවා මෙම මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 330 ක් පමණ වන බවයි සදහන් වන්නේ.

කොළඹ නගරය විටින් විට ජලයෙන් යට වී ජලය පිටාර ගැලීමේ ගැටළුව පිළිබඳ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වී ඇත.

අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලැබී තිබේ.

සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවරගන්නා බව වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කනක හේරත් පවසයි.

මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයට ජාතික තාක්ෂණික ඩිප්ලෝමා (NDT) පාඨමාලාව සඳහා සිසුන් ඇතැළත් කර ගැනීමේ සියලු තොරතුරු ලබන ඉරිදා (22) සිළුමිණ පුවත්පත සමඟ නොමිලේ නිකුත් කරන ගැසට් පත්‍රයේ සඳහන්ව තිබේ.

ඛනිජ තෙල් මිල යළි වැඩි නොවන බව වැඩබලන මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මුදල් පනත යටතේ නියෝග සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැංවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කරමින් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට උත්සාහ කළ බව කියන චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (19) නියෝග කළේය.

ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ (International Chamber of Commerce -ICC) සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා ( Maria Fernanda Garza ) මහත්මිය ශ්‍රී ලංකාවේ 05 දින නිල සංචාරයක් සදහා ඊයේ (18) පස්වරුවේ මෙරටට පැමිණියාය.

විදුලිබල මණ්ඩලය පුරෝකථනය කළ රුපියල බිලියන 32ක අලාභය පියවීම සඳහා මීට පෙර 22%ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය වුවද පවතින තත්ත්වය හමුවේ 18% විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බව එම මණ්ඩලය පවසයි.

Connet With Us