මීට වසර දෙසීයකට පමණ පෙර, ‘සිංහලේ ’රාජ්‍යයේ අවසානය සලකුණු කරමින් එළඹගත් ‘උඩරට ගිවිසුම’ පිළිබඳ පවතින අවබෝධය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඒ පිළිබඳව ගැඹුරට යන ඕනෑම විද්වතෙකුට පැහැදිලි වේ.

ගැහැණියකගේ සිරුරෙහි වැදගත්ම ඉන්ද්‍රිය, අවයවය හෝ අංගය පිළිබඳව ශත වර්ෂ ගණනාවක් තිස්සේ පිරිමින්ගේ යටි සිත් උනන්දු විය. ඒ බව දැන ගත් දා පටන් ගැහැණියද තම සිරුරේ විවිධ අඟ පසඟ පිළිබඳව පෙරට වඩා උනන්දුවක් දක්වන්නට විය.

තඹුත්තේගම සිද්ධිය අල්ලාගෙන පසුගියදා අපුරු නිවේදයක නිකුත්ව තිබිණි. එය ගොවි අරගල ව්‍යාපාරය නමින් නිකුත්ව තිබිණි. මේ අරගල ව්‍යපාරය, කොළඹ පිහිටි සමාජවාදී පක්ෂ කාර්යාලයක සිට ක්‍රියාත්මක වන්නක් බවද දැනගැනීමට තිබේ.

ජනාධිපතිවරයා තමාගේ පොළොන්නරු චින්තනය අනුව ආර්ථිකය හැසිරවීම සියත ගෙන ඇති බවට අද පුවත් පත් වාර්තා කිහිපයක්ම පළ වී තිබේ. ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහගේ අධීක්ෂණය යටතේ යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික කළමනාකරණ පිළිබඳ කැබියට් අනු කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (27 වැනිදා) පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර තිබේ.

රනිල් වික්‍රමසිංහව එළවා ගැනීම දැන් සියලු දේශපාලන පක්ෂවල අභියෝගය වී තිබේ. ලංකාවේ දේශපාලනය තුල එසේ අභියොගාත්මක වූ තවත් චරිත තිබුණේ දෙකක් පමණි ඒ ජේ ආර් ජයවර්ධන හා වේලුපිල්ලේ ප්‍රභාකරන්ය.

පළාත් පාලන මැතිවරණයෙන් ඉක්බිති රටේ විවිධ පාර්ශ්ව දැවැන්ත විලි රුදාවකින් පෙළෙන්නට විය. ඒ, අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත්විය යුතුය යන විලිරුදාවෙනි.

සංගීතවේදී චිත්‍රාල් සෝමපාල සිය ෆේස්බුක් සටහනක් මඟින් මේ රටේ මජරකම ගැන දැමූ අදහසට සිංහල බෞද්ධ ජාතිවාදී උන්මන්තකයන්ගේ ලේ කෝප වී තිබේ. සුපුරුදු පරිදිම චිත්‍රාල්ගේ අම්ම අප්පා මතක කරමින් බැණ වදිමින් තිබේ.

අමරිකාවේ පීඩිත කළු ජාතිකයන්ගේ විමුක්තිය වෙනුවෙන් සටන් කළ මැල්කම් එක්ස් නම් විමුක්තිකාමියා එම කළු ජාතික ජනතාව වෙනුවෙන් කළ අරගලය නිවැරදි බව ගෝඨාභය රාජපක්ෂ අද දිවයින පුවත් පතට සම්මුඛ සාක්ච්ඡාවක් දෙමින් පවසා ඇත.

Connet With Us