මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මේකට ඡන්දය දෙන්න කියා පොල් ලෙල්ලක් දැම්මත් ඒකට ඡන්දේ දෙන වහලුන් පිරිසක් තමන්ට සිටින බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඊයේ පැහැදිලිවම ප්‍රකාශ කර තිබිණි. මෙම ප්‍රකාශයෙන් මන්ත්‍රීවරයා කුමක් බලාපොරොත්තු වූවද මෙය මහින්ද රාජපක්ෂට කළ බරපතල අපහාසයක් බව නම් පැහැදිලිය.

අසරණ සරණ  ජනාධිපති මෛත්‍රීපාල ගහන ගහන ගැටේ ලෙහෙන්නට පටන් ගෙන තිබේ. සිරස කිලී මහරාජාගේ උපදෙස් අනුව බැඳුම්කරයක් අල්ලාගෙන එජාපයට කෙළවා දැමීමට ගත් උත්සාහය දැන් ආපිට කැරකැවෙමින් තිබෙන්නේය. පහුගිය ටිකේ කිලීගේ ගෝලයෝ රොත්ත හා තමන් ළඟ තියාගෙන සිටින උපදේශක බයියන් හා ඔවුන්ගේ මිතුරන් යොදාගෙන බැඳුම්කරය ගැන පට්ටපල් බොරු තොගයක් සමාජ ගත කළේය. ගෝල බාලයන්ගේ වැඩ මදි නිසා ජනාධිපධිවරයා විසින්ද බැඳුම්කර වාර්තාවේ නිර්දේශයන් යැයි කෙබර තොගයක් සමාජ ගත කරනු ලැබිය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි රාවය පුවත්පතේ සිය තීරු ලිපියෙන් යෝජනා කර තිබුණි. එහි තර්කය වූයේ අනෙක් පක්ෂවල දූෂිත ස්වභාවයත් 1990න් පසු දැන් තිබෙන්නේ "වෙනස්" ජනතා විමුක්ති පෙරමුණක් බැවින් අතීත ක්‍රියාකාරකම් නොසලකා ඊට ඡන්දය ලබාදීම ගැටළුවක් නොවන බවයි.

රජිත් කීර්ති තෙන්නකෝන් කියන්නේ දූෂණ විරෝධියෙකි.. එයා දූෂණ විරෝධියෙකු වෙන තරමට තමා එයාට ජීවත් වෙන්න ඩොලර් ලැබෙනේ. ඉතිං ඒක එයාගේ රස්සාවය. 

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු ද වන දිලිත් ජයවීරට අයත් ' ට්‍රයිඇඩ් ' ආයතනයට රුපියල් කෝටි 150 ක කොන්ත්‍රාත්තුවක ලබා දී ඇති බව වාර්තා වෙයි. පසුගිය දින කිහිපයේ දී මෙය වෙබ් අඩවි කිහිපයක ගොසිප් පුවතක් බවට පත්ව තිබුණු නමුත් පෙරේදා (28) සන්ඩේ ටයිම් පුවත් පතේ පුවතක් බවටද පත්ව තිබිණි.

වැඩේ තියෙන්නේ පත්තරයක බ්‍රැන්ඩ් නේම් එකේ නෙවෙයි.. පත්තරකාරයා තමයි අපිට වැඩ්ඩෙක් වෙන්න ඕන. එතන්දි හැබෑටම පත්තරකාරයාය කියන ගුණයෙන් යුතු මිනිහට පත්තර පඩංගුවේ බ්‍රෑන්ඩ් නේම් එකවත් අයිතිකාරයා ගැනවත් එකේ පැටිකිරියවත් අදාල නෑ.

යූරියා පොහොර අර්බුධයක් සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ... විවාදාත්මක තත්වයක් ඇති වී තිබුණද එය මේවන විට සමතයකට පත් කිරීමට රජයට හැකිව තිබේ. ඒ කෙසේ නමුත් මෙම යූරියා පොහොර අර්බුධය හා කාබනික දියර පොහොර සම්බන්ධයෙනුත් වන විවේචනාත්මක ප්‍රශ්න කිරීම මෙතෙක් අවසන්ව නොමැත. මේ සම්බන්ධයෙන් පළවන තොරතුරුවල පවතින පරස්පරතා හා අසත්‍ය කරුණු අඩංගුව ඇති බව අප විසින් මීට ඉහතදි පෙන්වා දෙනු ලැබුවේය. (හිතළු ලිවීමේ ගවේශනාත්මක මාධ්‍ය කරණයට අසුවූ පොහොර මා‍ෆියාව)

"රුසියාවේ පුටින් බලයට ගෙනාවා වගේ 2020දී අපි මහින්ද රාජපක්ෂ මහතා බලයට ගේනවා. මියන්මාරයේ අවුන්සාන් සුකී ඩ්‍රයිවර් දමලා දින්නා වගේ මහින්ද රාජපක්ෂ මහතා බලයට ගේන්න පුළුවන්" යනුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා ප්‍රකාශ කරන ලදී.

ක්‍රීඩා

Connet With Us