මගේ මතය ගණිකා වෘතිය නීති ගත කළ යුතු බවය, එහෙත් එය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ නීතිගත කරන්න ගියහොත් මම ඊට සහාය නොදෙන්නෙමි ! හේතුව, ගණිකා වෘතිය තුල එම ලිංගික සේවකයාත් පාරිභෝගිකයාත් දෙදෙනාම සූරා කා සම්පූර්ණ වාසිය ලබා ගන්නේ වෙළෙන්දාය. මුඩුක්කු වෙනුවට ලස්සන ගෙවල් නම් හදන්නට ඉඩ ඇත. එහෙත් ගණිකා ව්‍යාපෘතිය ද, අන් සියල්ල මෙන්, දේශපාලකයින්ද සම්බන්ධ කර ගත් ජාවාරමක් බවට පත්වීම වැලැක්විය නොහැකි අතර දිලිඳු පාසල් යන දැරියන් පවා, උප්පැන්න සහතික පවා වෙනස් කර කිසිඳු ප්‍රමිතියක් නැති ගණිකා වෘතියට ඇද දමනු ඇත. සයිටම් සම්බන්ධයෙන්ද මගේ මතය බොහෝ දුරට ඊට සමානය.
ගමක් ජන ශුන්‍ය වීම වලක්වා ගැනීම සඳහා පිටස්තර ප්‍රදේශ වල පුද්ගලයන් ගමේ පදිංචිවීමට පෙළඹවීම අරමුණු කොට ගෙන මුදලක් ගෙවීමට තීරණය කළ නගරධිපතිවරයකු ගැන ඉතාලියෙන් වාර්තාවේ.
ප්‍රංශයේ පැවැති ජනාධිපතිවරණ ජයග්‍රාහකයා සම්බන්ධයෙන් මෙරට සිංහල භාෂා වෙබ් අඩවි හා සමාජ ජාලා වල සටහන් වූ අදහස් කිහිපයක්........
(71ට පසු) - අනුරාගික විප්ලවීය සිහිනය තවදුරටත් වලංගුද?
ලාලසාවන් කුමන්ත්‍රණය ගෙතීය. නීතිය වන වැදී සිටියෙන් යුක්තිය කුණු කානු හරහාවත් ගලා ගියේ නැත. සියල්ල අසංවේදීව ගල් ගැසුණු නිමේෂයක ශෝකාන්තය සිදුවිණ. රක්ත වර්ණ රුධිරයේ අවසන් බිඳුවත් ඉවතට ඇදෙන විට සිරුරු වෙව්ලුම් දීම වැඩි කළේ නිරුද්ධ වන ප්‍රාණය තවත් මොහොතකට හෝ ඉතිරිකර ගන්නට බව පැහැදිලිය.
නැවත ජනාධිපතිවරණයක් නෑ.. ඒත් මීළඟ ජනාධිපතිත් මෛත්‍රීමයි. එහෙම හොඳ ද ?
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ වේදිකාවේ සිට ජනතාව හමුවේ සපත වූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවටය. සෝබිත හිමිගේ දේහය ඉදිරිපිට සිටද යලිත් සපත වූයේ එයමය. එයි ගැලවී පිට පාරේ යාමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබිය හැකි නොවේ.
ජනවරමේ දෑ අවුරුද්දේ කියුම් කෙරුම් ගැන ලොකු ලොකු කතන්දර පහුගිය දින කිහිපයේ අහනට ලැබුණු නමුත් විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බව නොකියා සිටිමට ජනාධිපතිවරයා සිය පදවිප්රාප්ත උත්සව කතාවේදී ද පරෙස්සම් වී තිබිණි. ඔහු කීවේ 19 ගැන හා 18 ගැන අප්‍රබංශ කතාවකි. ඉන් සෑහී සිටින ලෙස ඔහුට ඡන්දය දුන් ඡන්ද දායකයාට නොකියා කීවේය. 2020 වන තෙක් ආණ්ඩුව පෙරලන්න දෙන්නේ නැතැයි කියා කීම යූඑන්පී කාරයාට සැනසීමක් වන්නටද ඇතිය. ආණ්ඩුවක ඕනෑ නම් මේ ආණ්ඩුවට එකතුවෙලා වැඩ කරතැහැකි යැයි කීවේ තව ඇමැතිකම් හෝ මොන මොනවා හෝ දී, සතුටින් ජීවත් වීමට කැමැති ඒකාබද්දේ කට්ටියට සෙට්වීමට ඉඩ ඇති බව කීමය. ඉතිං හැමෝම සතුටෙනි.
ලංකාව කියන රටේ වාමාංශිකයන් එමටයි. පඳුරකට ගැහුවොත් ටක්කෙටම දහයකට වඩා සොයා ගැනීම කොහෙත්ම අමාරු වැඩක් නෙවෙයි. ඒත් කවදාවත් වමට රාජ්‍ය බලය අත්කර ගන්න හැකිවෙලා නෑ. ඒ ඇයි? අපි ඒ ප්රශ්නය ඉතා දැනුවත්ව පැත්තකින් තියලා වමේ කියන අය ගැන කතා කරන්නයි මේ සුදානම් වෙන්නෙ.