තවත් මාස තුනකින් පමණ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණයේ උණුසුම් මේ වන විටත් වෙනදා ජනාධිපතිවරණයක් ආසන්නයෙ තිබු උණුසුමට වඩා වැඩිය. අතිශයින්ම තරගකාරී ස්වභාවයක් ගෙන තිබේ. තරගයට දමන අශ්වයා පිළිබඳ සංවාද විසංවාද පසුගිය මාස ගනනාවක් තිස්සේ පැවැත්විනි.

හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය ධූරයෙන් විශ්‍රාම ගිය පසු 23වැනි යුද හමුදාපති ලෙස පත්වීම් ලැබුවේ මහේෂ් සේනානායක යටතේ දෙවෙනියා ලෙස සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ය. ඒ ලුතිනන් ජෙනරාල් නිළයට උසස්වීම් ලබමින් ය.

1915 වර්ෂයේ ඇතිවූ කෝලාහලය නිසා බහුතර මුස්ලිම්වරුන්, සිංහලයන්ගේ අඩන්තේට්ටම් වලට ලක් වුණා. එකල සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය දැඩි බලයක් යොදාගනිමින් සිංහල කැරලිකරුවන් මර්දනය කළා. දහස්ගණනක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව නඩු විභාගයන්ට යොමු කළා. ඊට අමතරව සිංහල ජාතිකයන් ඝාතනය කළා.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පසුගියදා නම් කරන ලද නන්දසේන ගෝඨාභය එම පක්ෂයේ අපේක්ෂකයා නොව තමන්ගේ ජාතික අපේක්ෂකයා යැයි සිංහල ජාතිවාදයේ අන්තයක් නියෝජනය කරන මහාචාර්ය නලීන්ද සිල්වා සිය කාලය බ්ලොග් අඩවියෙහි අද දින විශේෂ ලිපියක් පළ කරමින් කියා සිටී.

එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් බොහෝ වාමාංශික කියවීම් වල ඇත්තේ එය ලිබරල් නැතිනම් නව ලිබරල් දේශපාලන පක්ෂයක් බවය. නමුත් මෙය අර්ධ සත්‍යයකත් අර්ධ සත්‍යයයකි. එක්සත් ජාතික පක්ෂය ලිබරල් ගතිගුණැතිව සිටින බව පෙන්විය හැකිවාක් මෙන්ම ඒහා සමානව අනෙකුත් දේශපාලන පක්ෂවලද මේ ලිබරල් ගතිගුණ දකින්නට ලැබේ. වාමාංශික පක්ෂ පවා අද ලිබරල් දේශපාලනය විසින් ඉල්ලා සිටිනු ලබන ඉලක්ක ඔස්සෙ පෙළ ගැසී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොකඩවා වසර 25ක් තිස්සෙ හොබවමින් සිටින රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ගමනෙහි අවසන් පරිච්ඡේදය දැන් ලියවෙමින් පවතී. එදා මෙදා තුර රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට කළ අභියෝග සියල්ල ඔහු ජයගත්තේය. එහෙත් අළු යට තිබූ ගිණි පුපුරු නිවීමට ඔහු සමත් නොවීය. ඒ විටෙන් විට ගිණි පුපුරු විසි කරමින් යළි යළිත් මතුව ආවේය. මේ ගෙවෙන්නේ ඒ ගිණි පුපුරු විසින් යළිත් ඇතිකළ මහ ගින්නක් පැතිර යමින් තිබෙන මොහොතකි.

මෙවර ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපවන බව කියන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු තමා ජනාධිපතිවීමත් සමඟ සම්මත වන බව කියන ස්වයංජාත ව්‍යස්ථාව සම්බන්ධයෙන් මේ වන විට යම් කතා බහක් ඇතිව තිබේ. මෙරට අදට බලපැවැත්වෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සම්බන්ධයෙන් එය පැනවීමටත් පෙර සිට විවේචන එල්ල වූ අතර මේ වන විට 19 වතාවක් සංශෝධනයටද ලක්ව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ගොඩ නැගුනු ජාතික ජන බලවේගය (NNP) නම් සන්ධානයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අද දින නම් කිරීම අත්පත් කර ගත හැකිව තිබූ ජයග්‍රාහී ඉම අත් හැර දැමීමක් බවට වාමංශික පදනමක් සහිත ප්‍රාමාණික විද්වතුන්ගේ හැඟීම වී තිබේ.

ක්‍රීඩා

Connet With Us