“ගම සමග පිළිසඳර” වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම හා ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මෙහෙයවීම සහ පසු විපරම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරයි.

මෙවර අලුත් අවුරුදු සමයේ සිරකරුවන් බැලීමට ඥාතීන්ට අවස්ථාව නොදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකශ කර තිබෙනවා.

මෙවර අලුත් අවුරුදු සමයේ සිරකරුවන් බැලීමට ඥාතීන්ට අවස්ථාව නොදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකශ කර තිබෙනවා.

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේම ඔක්තෝම්බර් 04 වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන්නේ විපක්ෂ නායක, සජබ නායක සජිත් ප්‍රේමදාසගේ සජබ කණ්ඩායමයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් මීගමුවේ සිදුකළ වැටලිමකදී ඝාතන සිද්ධි රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ලොකුගේ ලසන්ත ප්‍රදීපන් ඇලියස් නොහොත් 'තංගල්ලේ සුද්දා' සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව වැවිලි අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් අත්‍යවාශ්‍ය කරුණක් සඳහා අවසර ලබාගැනීමකින් පසුව පොල්ගස් කැපීම සිදුකළ හැකි බවද ලේකම්වරයා සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

පසුගියදා නිතිපති දප්පුල ද ලිවෙරා විසින් තහනම් කළ යුතු බවට අනුමත කළ අන්තවාදී සංවිධාන 11 සහ එම සංවිධානවලට අයත් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැලසුම්කර ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කුළු බඩු සංස්ථාව මගින් ගම්මිරිස් මිලට ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සුළු අපනයන භෝග ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කර තිබෙනවා.

බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී තිබේ.

අද (09) උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ අජිත් මාන්නාප්පෙරුම දිවුරුම් දී ඇත.

-පංචාලි අබේසේකර

Connet With Us