ඝාතන 12ක් සිදු කළ තංගල්ලේ සුද්දා පොලිස් දැලට !

Published in පුවත්
Friday, 09 April 2021 13:13

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් මීගමුවේ සිදුකළ වැටලිමකදී ඝාතන සිද්ධි රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ලොකුගේ ලසන්ත ප්‍රදීපන් ඇලියස් නොහොත් 'තංගල්ලේ සුද්දා' සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේ මිරිස්ස ප්‍රදේශයේ දී අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා රැසක් සැකකරුට එරෙහිව එල්ලවී ඇත.

තංගල්ලේ සුද්දා සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට නවාතැන් සැපයු සම්පත් රණසිංහ නම් 41 හැවිරිදි පුද්ගලයාය.

තංගල්ලේ සුද්දා නැමැත්තාට එල්ල වී ඇති චෝදනා පහතින් දැක්වේ.

*2006 වසරේ මාතර දෙවිනුවර කපුගොඩ පාරේ මුහුදු වෙරළේ දී පිහියකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කිරීම.

*2007 වර්ෂයේ මාතර පොල්හේන ප්‍රදේශයේ දී පිහියකින් ඇන චුටි නැමති පුද්ගලයා ඝාතනය කිරීම.

*2007 වර්ෂයේ දී මාතර බස් නැවතුම්පොළේ දී රවිඳු නැමති අය ෂොට්ගන් අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම.

*2007 වසරේ හොරණ ප්‍රදේශයේ දී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් බූරු රංජි නැමති පුද්ගලයා ඝාතනය කිරීම.‍ෙ

*2008 වසරේ දී අධිකරණ භූමියෙන් පළාගොස් අධිකරණයේ ආරක්ෂාවට සිටි ග්‍රාම ආරක්ෂක නිලධාරියෙකු ටී - 56 ගිනිඅවියක් පැහැරගෙන ගෙනාස් විතාරන්දෙණිය පස්මං හන්දියේ අවමංගල්‍ය උත්සවයක දී මියගිය තැනැත්තාගේ දේහයට වෙඩි තබා ඇති අතර අසල සිටි පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කිරීම.

*2011 වසරේ දී පානදුර වාද්දූව ප්‍රදේශයේ දී ටී - 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා සංඛ නැමති පුද්ගලයෙක් ඝාතනය කිරීම.

*2011 වර්ෂයේ කතරගම ප්‍රදේශයේ දී දොදොල් ලෑල්ලක් මත පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම.

*2020 මැයි මස 30 වන දින මාතර මිරිස්ස ධීවර වරාය ඉදිරිපිට දී අමිල ප්‍රසන්න හෙට්ටි හේවා නොහොත් සන්ෂයින් සුද්දා නැමති අය වෙඩි තබා ඝාතනයට තැත් කිරීම.

*2015 වසරේ දී පන්නල ප්‍රදේශයේ දී මි.මී 9*19 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනිඅවි 2ක් සමග හා 2020 වසරේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී දුමින්ද නැමැති අයෙකුට අයත් අවන්හලක් තුළ දී ගැටුමක් ඇති කර ගනිමින් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමට තැත්කිරීමේ දී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බව ද හෙළි වී තිබේ.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us