News Items (18842)
පැය 24 ක් ඇතුළත සියලුම පිළිකාකාරක විෂ සහිත ආහාර හා ආයතන ලිඛිතව ලබා දෙන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති පොරොන්දු වූ බව මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් යොදා ඇත.


ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද ( 05 ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
නීති විරෝධිව ළග තබා ගත් මත්ද්‍රව්‍ය ,රන් බිස්කට් වැටලීම් අඛණ්ඩව !
රුපියල් ලක්ෂ 85කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් බියගම ප්‍රදේශයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන තිබෙනවා.
මගී ප්‍රවාහන බස් රථවලට වෙස්වළාගත් පොලිස් නිලධාරීන් අද (05) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කර තිබෙනවා.
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් ඉදිරිපත්කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
අධිකරණ නියෝග නොතකා දංකොටුවෙන් හමුවූ තෙල් බවුසර් රේගුවට දීම සම්බන්ධයෙන් විමර්ශන !
අධිකරණ නියෝග නොතකමින් දංකොටු ප්‍රදේශයේ තිබී සොයාගත් පොල් තෙල් බවුසර් දෙක රේගුවට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
මෙරට නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබෙනවා.
පාර්ලිමේන්තුව අද (05) පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා රැස්වන අතර සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට ඉඩ සැලසූ 2016 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවන බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා ඊයේ දිනයේ අනාවරණය කර තිබේ.
සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්රකාශනයෙහි (1986) පූර්විකාව -රවීන්ද්‍ර කාරියවසම්
සංවර්ධනය හා පාරිසරික ආරක්‍ෂාව අතර හැම විටම ඇත්තේ ආතතියකි. එම නිසාම මිනිසුන් සංවර්ධනය ඉල්ලා සිටිති. සංවර්ධනය කරගන යන විට පරිසරය හා සොබාදහම ඉල්ලා සිටිති.
