නීති විරෝධිව ළග තබා ගත් මත්ද්‍රව්‍ය ,රන් බිස්කට් වැටලීම් අඛණ්ඩව !

Published in පුවත්
Monday, 05 April 2021 12:09

රුපියල් ලක්ෂ 85කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් බියගම ප්‍රදේශයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන තිබෙනවා.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් බියගම ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් හතරකට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කරන්නේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව එම ප්‍රදේශයේම තවත් ස්ථානයක සඟවා තිබූ කේරළ ගංජා තොගයක් සහ සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද දිනයේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මල්වානේ වල්ගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 88ක් සොයාගෙන තිබේ. සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

එම ගංජා ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව ද පොලිසිය සඳහන් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙනා ත්‍රිරෝද රථ රියැදුරකු හා මෝටර් කාර්මිකයකු බව ද පොලිසිය පැවසීය.

මේ අතර රුපියල් විසි තුන් කෝටි තිස් ලක්ෂයක් වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් පෙරේදා (3 වැනිදා) උදෑසන සහ සවස්වරුවේ රේගු නිලධාරීන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ වැසිකිළියක තිබී සොයාගෙන ඇත.

මෙරටට නීති විරෝධී ලෙස එවන ලද රුපියල් කෝටි 22 කට අධික වටිනාකමකින් යුතු රත්තරන් බිස්කට් කිලෝ ග්‍රෑම් 17 ක තොගයක් පොළොව පිරිසිදු කරන යන්ත්‍රයක සඟවා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකිරීමට සූදානම්වූ එහි පවිත්‍රතා අංශයේ සුපවයිසර්වරයකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පෙරේදා (3 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී. මේ අතර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ අතහැර දමා ගොස් තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ අඩංගු පාර්සල් 03 ක්ද එදින සවස ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් සොයාගෙන ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ​ෙජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය පැවසීය.

රුපියල් කෝටි 22 ක් වටිනා රන් බිස්කට් 161 අත්අඩංගුවට ගැනීමත් සමග බියට පත්වූ ගුවන්තොටුපළ රන් ජාවාරම්කරුවන්, පසුව හමුවූ ස්වර්ණාභරණ තොගය වැසිකිළියේ දමා යන්නට ඇතැයි රේගුව සැක පහළ කරයි. සවස් වරුවේ අත්අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගයේ මාල, වළලු මුදු කරාබු, පෙන්ඩන්ට් තිබී ඇත. කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මෙම ස්වර්ණාභරණ තොගය පිළිබඳව වැඩිදුර විමර්ශන කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us