News Items (18842)
විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාව අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු - අපි ගම්පහ” ජන හමුවේ දී ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අතර සියලුදෙනා දෑත් ඔසවා එය ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.
ලබන මාසේ සිට රු. 5000 කින් පඩි වැඩිකරන යෝජනාවට විපක්ෂය විරුද්ධ වෙයි ද ?
ලබන මාසයේ සිට විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 5000 කින් ඉහළ නැංවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් අනාවරණය වන බව දේශය පුවත් පත වාර්ථා කර තිබිණි.
ඉතිහාසය තුළ ඔහු මුහුණ දුන් දැවැන්තම අභියෝගය මේ රට ගොඩදැමීමට ඉදිරිපත් වීමය. රනිල් වික්‍රමසිංහ බිය වෙනවා නම් බිය විය යුතුව තිබුණෙ එදාය.
සාමාන්‍යයෙන් ජන සමාජය තුළ ප්‍රමුඛ ඉල්ලීමක් නැතිනම් බලාපොරොත්තුවක් වන්නේ අනෙකාට ඇති අවස්ථාව තමන්ටත් තිබිය යුතුයි කියන එක. රජයක කාර්යභාරය වෙන්නේ පුරවැසියන් සියළු දෙනාට සම අවස්ථා අත්පත් කරගැනීමට හැකි වතාවරණයන් හදලා දෙන එක. ඕනෑම රජයක් මුහුණ දෙන අභියෝගයත් මේකයි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
අභිනවයෙන් ඉඳිකළ සීතාවක කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම අද (21) සවස 3ට අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්
සිදු කිරීමට නියමිතය.
බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජවිපෙට සහ සජබයට තවත් දුවන්න අරින්න. කිසිම සැකයක් නැහැ අපි ජය ගන්නවා. - රනිල්
ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
