අස්වැසුම ගැන අලුත් ආරංචිය

Published in පුවත්
Sunday, 21 July 2024 10:02

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදුකෙරෙයි.

එහි සංගණන කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බවත් උතුරු පළාත තුළ එය සාර්ථකව සිදුකළ ද එම කටයුතු සඳහා අනෙකුත් පළාත්වල නිලධාරීන්ගේ යම් මැලිකමක් දක්නට ලැබෙන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ වනවිට ප්‍රතිලාභීන් ලක්ෂ 18ක් පමණ ප්‍රමාණයක් සඳහා අස්වැසුම පළමු අදියර යටතේ දීමනා ලබාදෙන බව වාර්තා වෙයි.

කාණ්ඩ 4ක් යටතේ එම ප්‍රතිලාභය ලබාදෙන අතර සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ යන කාණ්ඩ සඳහා මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබාදීම සිදුකරයි.

"දුප්පත්" කාණ්ඩය සඳහා මාසිකව රුපියල් 8,500ක දීමනාවක් ද "අන්ත දුප්පත්" යන කාණ්ඩය සඳහා මාසිකව රුපියල් 15,000ක දීමනාවක් ද මේ වනවිට ලබාදෙයි.

කෙසේවෙතත් සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ යන කාණ්ඩ 2 සඳහා ලබාදෙන අස්සැසුම ප්‍රතිලභය මෙම වසර් දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව ඇති අතර එම කාණ්ඩ 2 යටතේ ලක්ෂ 8ක පමණ ප්‍රතිලාභීන් ප්‍රමාණයක් මේ වනවිටත් දීමනා ලබා ගනිමින් සිටී.

අස්වැසුම දෙවන අදියරේ වැඩකටයුතු අවසන් වූ වහාම පළමු අදියරේ දී අස්වැසුම හිමිවන ප්‍රතිලාභීන්ගේ දත්ත යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

- අද දෙරණ

Last modified on Sunday, 21 July 2024 10:03

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us