ලබන මාසේ සිට රු. 5000 කින් පඩි වැඩිකරන යෝජනාවට විපක්ෂය විරුද්ධ වෙයි ද ?

Published in පුවත්
Sunday, 21 July 2024 14:08

ලබන මාසයේ සිට විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 5000 කින් ඉහළ නැංවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් අනාවරණය වන බව දේශය පුවත් පත වාර්ථා කර තිබිණි.

ඒ අනුව පසුගියදා වැඩි වූ රුපියල් 10,000 දීමනාව ද සමඟ රුපියල් 15,000 ක් සෑම සේවකයකුටම හිමිවනු ඇත.

රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ සමාලෝචනය කර ලබන වසරේ සිට ඔවුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දැනටමත් පත්කර තිබේ.

එහෙත් ජනාධිපතිවරයා එම කමිටුවට යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරණයට පෙර මෙම වසරේ වැටුප් වැඩි කළ යුතු බවයි. එසේ වුවද එම කමිටුව සහ මුදල් අමාත්‍යංශය මෙම යෝජනාවට අකමැත්ත ප්‍රකාශ කර තිබුණද ජනාධිපතිවරයා තම මතය වෙනස් කරගෙන නැත.

මේ සඳහා වැයවන මුදල බදු පැනවීමකින් හෝ වෙනත් ආකාරයකින් ජනතාවගෙන් අය කරගත යුතු අතර එසේ නොවුණහොත් ඉදිරි මාස හතර සඳහා එය ගෙවීම ගැටලුවක් වන බවද කමිටුව පෙන්වා දී තිබේ. පසුගිය වැටුප් වැඩි කිරීම සමඟ වැට් බදු ප්‍රතිශතය වැඩි කිරීම හා බදු පදනම පුළුල් කිරීමට රජය පියවර ගත්තේය.

මීට සති කිහිපයකට පෙර සිට රාජ්‍ය සේවක වෘත්තීය සමිති දින දෙකක වැඩ වර්ජනයක් සහ වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග වල නියැලීමට ප්‍රධාන හේතුවක් කර ගත්තේ සිය වැටුප ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බව කියමිනි. ඔවුන්ගේ ඉල්ලීම වුයේ රුපියල් 25,000 කින් වැටුප් වැඩිවිය යුතු බවය. කෙසේ නමුත් එහිදී ජනාධිපතිවරයාගේ සෘජු තීරණය වූයේ මෙම වසරේදී වැටුප් වැඩි කිරීමක් සිදු කළ නොහැකි බවත් ලබන වසර තුළ රාජ්‍ය ආදායම් තත්වයන් ඉහළ දමා ගැනීමේ වැඩ පිළිවෙල සාර්ථක වීමත් සමඟ වැඩි වැටුප් ඉල්ලීම ඉටු කළ හැකි බවය.

කෙසේ වුවද ජනාධිපතිවරණයට පෙර වැටුප් වැඩිවීමක් සිදු වුවහොත් එය විපක්ෂ විසින් ඡන්ද ගුණ්ඩුවක් ලෙස අර්ථ කථනය කරමින් එයට එරෙහි වීම සිදු විය හැකි නමුත් රාජ්‍ය සේවකයාගේ වැටුප් කවර ලෙසකින් හෝ ඉහළ දැමීමට රජය ගන්නා පියවරට විරුද්ධ වීමටද මැතිවරණයක් ආසන්නයේදී විපක්ෂ කොටස් වලට සිදු කළ නොහැකි වෙනු ඇත. විශේෂයෙන්ම වැඩි වැටුප් ඉල්ලා ගත් වෘත්තීය ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජවිපෙ ඊට විරෝධය පළ කර තමන් එම ක්‍රියාමාර්ග කිසිවකට සම්බන්ධ නැති බවත් ජනාධිපතිවරණය අවසන් වන තෙක් ඊට අනු බලයක් නොදෙන බවත් ප්‍රකාශ කර තිබිණි. මේ තත්වයන් මත ජවිපෙ රාජ්‍ය සේවය තුළ විවේචනයට ද ලක් විය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us