සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ලක්ෂ දෙකකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.පී.එස්. වීරසේකර කියා සිටියේය.

පවතින දැඩි හිරු රශ්මිය මිනිස් සිරුරට අහිතකර බැවින් මේ දිනවල පාසල්වල පැවැත්වෙන නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සව සඳහා සහභාගී වන දරුවන් පිරිසුදු පානීය ජලය ප්‍රමාණවත් තරම් භාවිතයට ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

අද (17) අලුයම ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාරසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඖෂධ ආනයනයේදී සහ මෙරට ඖෂධ නිෂ්පාදනය කිරීමේදී පනවන බදු සමාන කරන ලෙස දේශීය ඖෂධ නිෂ්පාදකවරුන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පුහුණු ශ්‍රී ලාංකික සේවකයින් විදේශගත වීම නිසා රටේ බංකොලොත් ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීම අඩපණ කළ හැකි බව මහ බැංකු නිලධාරීන් අනතුරු හඟවයි.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ 2021 කැමැත්ත ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලිය යටතේ ආරම්භ කරන ලද පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල බරපතල ප්‍රමාදයන් විසඳීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි.

Connet With Us