අද සිට විදුලි කප්පාදුව සිදු කරන්නේ නැහැ - බලශක්ති අමාත්‍යංශය

Published in පුවත්
Friday, 14 February 2025 08:38

අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම්දුනි.

ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීමත් සමගිනි.

බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවී තිබේ.

ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300කි.

පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී තිබුණි.

කෙසේවෙතත් මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමට මතුවී තිබූ බාධා මගහරවා ගනිමින් කටයුතු කරමින් ඇති නිසා අද සිට දෛනික විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us