සති අන්ත නිවාඩුවේ ශ්‍රී පාදස්ථානය වන්දනාවට වන්දනාකරුවන් දෙලක්ෂයක් !

Published in පුවත්
Monday, 17 February 2025 09:19

සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ලක්ෂ දෙකකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.පී.එස්. වීරසේකර කියා සිටියේය.

වන්දනාකරුවන් පැමිණි වාහනවලින් නල්ලතන්නිය නගරයේ සියලුම රථගාල් පිරීගොස් ඇති බවත්, සෙසු වාහන නල්ලතන්නිය මරේ මංසන්ධියේ සිට ලක්ෂපාන වතුයාය දක්වා කිලෝමීටර් 4ක් පමණ දුරට මාර්ගයේ එක් පසක ගාල් කර ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

මෙවැනිම වන්දනාකරුවන් පිරිසක් රත්නපුර මාර්ගය ඔස්සේද පැමිණීම නිසා ශ්‍රී පාද උඩ මළුවේ දැඩි තදබදයක් හටගෙන ඇති බවත්, එම නිසා නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ඉඳිකටුපාන සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා දැඩි තදබදයක් පවතින බවත් ස්ථානාධිපතිවරයා පැවැසීය.

ශ්‍රී පාදස්ථානයේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත්, වන්දනාකරුවන්ට අවශ්‍ය සියලුම පහසුකම් සලසා ඇති බවත් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us