තවමත් සිදුවන අධික බුද්ධි ගලනය ගැන මහ බැංකුවෙන් මැසිවිලි  

Published in පුවත්
Saturday, 15 February 2025 13:52

පුහුණු ශ්‍රී ලාංකික සේවකයින් විදේශගත වීම නිසා රටේ බංකොලොත් ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීම අඩපණ කළ හැකි බව මහ බැංකු නිලධාරීන් අනතුරු හඟවයි.

2022 දී දිවයින රාජ්‍යය ස්වෛරී ණය පැහැර හැරීම (බංකොලොත් බව) ප්‍රකාශ කළ දා සිට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා විදේශ ගත වෙමින් සිටිති.

පසුගිය වසරේ වාර්තාගත පුද්ගලයින් 312,836 ක් රට හැර ගිය අතර එය 2022 දී වාර්තා වූ 310,953 ක වාර්තාගත ඉහළම අගය ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.

මේ අතර මෙම වසර තුළ ඳී ශ්‍රි ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවත් එමඟින් ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක ප්‍රේෂණ අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර තිබිණි. ලංකාවේ ආර්ථිකයේ වැදගත්ම සාධක අතරින් එකක් වෙන්නේ විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන විදේශ විනිමය ආදායම්ය. ඒ කෙසේ නමුත් මෙරට ආර්ථිකයේ ජවය වන පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟ තාවය නිසා රටේ ආර්ථික වර්ධනයට බාධාවක් ව තිබේ.

මේ අනුව බුද්ධි ගලනය නිසා මෙම වසරේ මූල්‍ය ප්‍රක්ෂේපණවල ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් ඇති බව මහ බැංකුවේ සහකාර අධිපති චන්ද්‍රනාත් අමරසේකර මහතා පසුගිය මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කිරීමෙන් පසු කොළඹදී වාර්තාකරුවන්ට පැවසීය.

එමෙන්ම ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම පාහේ බොහෝ පුහුණු සේවකයින් රට හැර යන බවට එම ආයතන පැමිණිලි කරන බවත් පෙන්වා දෙයි. එය ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරන බවත් මහ බැංකුව ආර්ථිකය වර්ධනය කිරීමට උත්සාහ කරන බවත් විදේශ ගත වූවන්ගෙන් සමහරක් නැවත ගෙන්වා ගැනීමට අපට නොහැකි නම් මෙය ආර්ථිකයේ සමහර අංශවලට බලපෑ හැකි බවත් අවදාරණය කළේය.

බොහෝ පෞද්ගලික බැංකු වල ඉහළ නිලධාරීන් පවසා ඇත්තේ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ දක්ෂයින් දැනටමත් රට හැර ගොස් ඇති බවත්, ඔවුන් පුහුණු ශ්‍රම බලකායක් නොමැති තත්වය මත දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත්ය.

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. ජෙගජීවන් පැවසුවේ රටට දක්ෂ මධ්‍යම මට්ටමේ කාර්ය මණ්ඩලයක් නොමැති බවයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us