News Items (18842)
විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කරන්නේ නැහැ - ඛනිජ තෙල් සංගමය
ගෙවුණු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පෑලියගොඩ මාළු මාර්කට් එකේ කැට අයිස් ජාවාරමක් හේතුවෙන් මාළු මිළ ඉහළට
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයේ සිදුවන කැට අයිස් බෙදාහැරීමේ ජාවාරමක් හේතුවෙන් මත්ස්‍ය මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.
නේපාලයේ අද (28) අළුයම භූ කම්පයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත.
ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව සිරකරුවන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කිරීමක්
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් කරන පුළුල් විමර්ශනයට අදාළව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය පොලිසියට ඊයේ (27 වැනිදා) පස්වරුවේ අවසර දුන්නේය.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අධික වියළි කාලගුණයෙන් ප්‍රධාන ජලාශ වල ජල මට්ටම පහතට
මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම් සීග්‍රයෙන් පහළ බැසයාම හේතුවෙන්,දෛනික විදුලි උත්පාදනයේදී සූර්ය පැනල සහ තාප විදුලි බලාගාරවලට මූලිකත්වය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු යොදා තිබේ.
මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ තීරයේ දී පැවැත්වේ.
