ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුකරුවන්ට ගෙවිය යුතුව ඇති ඉතිරි තැන්පතු මුදලින් 50%ක් ගෙවීමේ කටයුතු අද (3 වැනිදා) ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා ආසාදනය වී තිබිම හේතුවෙන් ඒ මහතා නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වෙනවා. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූවේ ඔහුය.

ටයිල් සහ සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් පනවා තිබු ආනයන තහනම ඉවත් කරමින් මුදල් අමත්‍යංශය නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේනවා.

විදෙස්ගතව සිට මෙරටට පැමිණ රැකියා නොමැතිව සිටින පුද්ගලයින්ට රුපියල් 100,000ක දීමනාවක් සහ මෙරට තුළ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ද තවත් රුපියල් 50,000ක පොළී රහිත ණයක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා යෝජනා කර, ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සදහන් කර තිබේ.

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළහොත් පිට පළාත් පාසල් වැසී යාම වැළැක්විය නොහැකි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කර තිබේ.

එසේම දැනට ලබා දී ඇති කඩඉම් ලකුණු අඩු කළහොත් ජනප්‍රිය පාසල්වල හය ශ්‍රේණියේ පන්ති වැඩි කර අමතර සිසුන් සඳහා ඉඩ ලබා ගැනීමට සිදු වන බවත් මෙම වසරෙන් පසුවත් එම පන්ති අඛණ්ඩව පවත්තවාගෙන යාමට සිදු වන බවත් ඔහු සඳහන් කර තිබේ.

ප්‍රධාන ලේකම්වරයා පවසන්නේ ජනප්‍රිය පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීමට සාපේක්ෂව පිට පළාත් පාසල්වලට සිසුන් අඩු වීම සාමාන්‍ය තත්ත්වයක් යැයි ද කඩඉම් ලකුණු අඩු කිරීමට පෙර අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

මෙම කඩඉම් ප්‍රශ්නය වෙනුවෙන් දෙමවුපියන් දිගින් දිගටම විරෝධතා පැවැත්වීම හේතුවෙන් ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හයවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම මාසයකින් අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර කඩඉම් ලකුණු පහළ දැමිය හැකි ද නොහැකි ද යන්න පිළිබඳව ඉදිරියේ දී ප්‍රකාශයක් කරන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කර ඇත.

-පංචාලි අබේසේකර

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක හදිසියේ ගින්නක් හට ගෙන තිබේන බව වාර්තා වෙනවා. මේ වනවිටත් ගින්න මැඩපැවැත්වීම සඳහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකක කටයුතු කරමින් සිටි.

පෞද්ගලික අංශයේ සහයෝගය මත දුම්රිය මැදිරි 100ක් දේශීයව නිෂ්පාදනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු හත් දෙනෙකු විසින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම සඳහා මාර්තු මස 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us