ජනතාවට ජීවත්වෙන්න බැ බඩු මිළ ඉහළයි ! ජ.වි.පෙ.න් චෝදනා
ජනතාවට ජීවත් වෙන්න බැරි තරම් වේගයෙන් බඩු මිල ඉහළ යන බවත්, කොරෝනා තත්ත්වය නිසා අර්බුදය තවත් උග්‍ර වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
ආර්ථික මධ්‍යස්ථාන සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
පවතින කොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ආර්ථික මධ්‍යස්ථාන සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
හෙට දිනයේ දිවයින පුරා පිහිටි සියලු මත්පැන්හල් වසා තැබීමට නියෝග !
හෙට දිනට යෙදී ඇති නත්තල් උත්සවය නිමිත්තෙන් සුරාබදු බලපත්‍ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.
උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභී පවුල්වලට රජයෙන් සහන
උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභී පවුල්වලට සහන පොලී අනුපාත මත සහන ණය ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
රට වසන්න තීරණය කර නැහැ. යුද හමුදපතිවරයා අවධාරණය කරයි
උත්සව සමයේ රට වසනවායැයි පැතිර යන කටකතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි.
මා කුඹුර - බහුවිධ ප්‍රවාහන මාධ්‍යස්ථානයෙන් ජනතාවට පහසුකම් රැසක්....
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දිවයිනේ සෑම ප්රදේශයකටම බස් රථ සේවා ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිනි ලොකුගේ මහතා පැවසනවා.
සේනා දළඹු පාලනයට හදුන්වා දුන් වෛරස් ප්‍රභේදය කඩිනමින් ගොවි ජනතාවට
සේනා දළඹු ව්‍යාප්තිය පාලනයට හදුන්වා දුන් වෛරස් ප්‍රභේදය කඩිනමින් ගොවි ජනතාව අතට පත් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක උතුරු මැද පළාත් කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා තිබෙනවා.
බීමතින් රිය පදවන්නන්ට වැඩ වරදී. 350ක් අත්අඩංගුවට !
පොලිසිය විසින් ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී බීමත් රියැදුරන් 350කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වෙනවා.