කොවිඩ් ආසාදිත මහා සංඝරත්නය උදෙසා ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය මහනුවර ස්ථාපිත කර ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය නිවේදනය කර තිබෙනවා.

මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා ඇතිව ශ්‍රී දළදා මාලිගාවේ මෙහෙයවීමෙන් මෙය ස්ථාපිත කර තිබේන අතර මෙම මධ්‍යස්ථානය නිල වශයෙන් අද (01) දින සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී ඇත.

-පංචාලි අබේසේකර

bikkhu 1bikkhu2

කිසිවකුට කොවිඩ් මර්දන එන්නත එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර ඇත.

නැව ගිනි ගැනීම හේතුවෙන් මුහුදු ජලයට විවිධ රසායනික දව්‍ය එකතු වීමේ බලපෑමක් මත මෙරට ලුනු නිෂ්පාදනයට එය කිසිම බාධාවක් නොවන බවත්, රටේ ලුනු හිඟයක් කිසිවටක ඇති නොවන බවට සහතිකයක් ලබා දිය හැකි බව හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා ප්‍රකාශ කර ඇත.

වාතය හරහා වඩාත් වේගයෙන් පැතිරෙන, වඩාත් භයානක අලුත් කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් වාර්තා වෙනවා .

ජුනි මාසයේ දෙවැනි සතිය වනවිට කොවිඩ් රෝගීන්ගේ සැබෑ අඩුවීමක් දැක ගත හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මීගමුව, මාඔයේ සිට පානදුර දක්වා තහනම් කළ කලාපයේ හැර සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා හෙට (01) සිට ධීවරයින්ට අවසර ලබා දෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ අපද්‍රව්‍ය මුහුදට එකතු වීම නිසා එම ප්‍රදේශවල ධීවර කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණි.

-පංචාලි අබේසේකර

ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන පුද්ගලයින් සඳහා මැයි 30 වනදා තෙක් පනවා තිබූ තහනම, ජුනි 21 වනදා තෙක් දීර්ඝ කිරීමට ඉතාලි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පිළිකා වර්ග සඳහා ප්‍රතිකාර කිරීමට අත්‍යාවශ්‍ය ‘බෙවසිසුමැබ්’ නමැති එන්නත් 16000ක් මෙරටට කඩිනමින් ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us