අප්‍රිකානු සංගමයේ යෝජනාව අනුව ඊශ්‍රායල - පලස්තීන ගැටුම් වහා නතර කරන්න - ජනපති   Featured

Published in පුවත්
Monday, 09 October 2023 20:31

ඊශ්‍රායල - පලස්තීන අර්බුදය මගින් ගෝලීය ඉන්ධන මිල මත සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් අප්‍රිකානු සංගමය මෙම එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ගෙන ආ  යෝජනාවට ශ්‍රී ලංකාව එකඟ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

එම නිවේදනය

“ඊශ්‍රායලයේ සේවය කරනු ලබන බොහෝ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටිනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔවුන් නිවැරදිව ස්ථානගත කර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතික කළ යුතු වෙනවා. සංචාරකයින් ලෙසත්, විවිධ සේවකයන් ලෙසත් ඊශ්‍රායල ජාතිකයින් සැලකිය යුතු පිරිසක් ද ශ්‍රී ලංකාව තුළ සිටිනවා. ඔවුන්ට නැවත ඊශ්‍රායලයට යාම සඳහා අපි උපකාර කළ යුතු වෙනවා. මම පොලිස් දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින් පිළිබඳ සොයා බලන ලෙස දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සෑම විටම ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පය සඳහා සහාය දක්වනු ලබනවා. ඒ සඳහා අපේ සහයෝගය දැකවීම ස්ථිරයි. සමහර අවස්ථාවලදී අපි ඊශ්‍රායලයේ ක්‍රියා හෙළා දැක තිබෙනවා. එසේ වුවත්, මේ සියල්ලෙන්ම සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කරමින් ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සංවිධානයේ ප්‍රහාරය සාධාරණීකරණය කළ නොහැකියි. ශ්‍රී ලංකා රජය මෙම පෙර නොවූ විරූ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා.


ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය වහා අවසන් කළ යුතුයි. ශ්‍රී ලංකාව අප්‍රිකානු සංගමය විසින් ගෙන ආ යෝජනාවට එකඟ වෙනවා. මෙම අර්බුදයේ තවත් බලපෑමක් තිබෙනවා. පෙට්‍රල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. ඉන් පසුව ලබන වසරේ පෙබරවාරි මාසයේ අග සිට නැවත අඩු වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම අර්බුදය මගින් තවදුරටත් ඉන්ධන හිඟයක් ඇති කරන අතර ඒ හේතුවෙන් ඉන්ධන මිල දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතීමට ඉඩ තිබෙනවා. මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන්ට විශාල පහරක් බවත් කිව යුතුයි.”

ජනාධිපති මාධ්‍ය අංශය
2023-10-09

Last modified on Monday, 09 October 2023 20:40

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us