ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේචනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද (03)පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත.

සියලුම රජයේ සේවකයන්ට ජනවාරි මාසයේ සිට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.
ඊට අමතරව සියලුම විශ්‍රාමිකයන්ටද මෙම රුපියල් 5000 දීමනාව හිමිවෙයි. සමෘද්ධි ලාභීන්ට ලබාදෙන රුපියල් 3500 දීමනාවට තවත් රුපියල් 1000ක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුනක් ඉක්මවූ පුද්ගලයන්ට තුන්වන මාත්‍රාව ලබා දීමට රජය ගනු ලැබූ සෘජු තීරණය හේතුවෙන් මෙරට ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වළක්වා ගැනීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි .

රටේ ආර්ථිකය අද හෙට කඩා වැටෙයි කියා පුන පුනා ප්‍රකාශ කරමින් රටට අහිතකර සිහින දකිමින් සිටින සියලුදෙනාගේ බොලඳ සිහින සියල්ල මේ වසරේ සුනුවිසුනු වී යන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

රජයේ සේවයට බඳවා ගත් රැකියා විරහිත උපාධිධාරීන් පනස් දහසක් ස්ථිර සේවයට අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මකයි.

ආරම්භ කර ඇති කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නතර නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල නව පදිංක උමං මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා.

මෙතෙක් කලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කරන ලද සමස්ත බදු මුදලින් 25%කට ආසන්න ප්‍රමාණයක් රැස්කිරීමේ බලය මහා භාණ්ඩාගාරයට පැවැරීමට, දැනට පවතින 15%ක් වන වැට් බදු ප්‍රතිශතය සියයට 18% දක්වා ඉහළ නැංවීමට සහ මත්පැන් හා දුම්වැටි සඳහා අයකරන වැට් බද්ද ඉවත් කිරීම ඇතුළු මෙරට බදු ක්‍රමයේ වෙනස්කම් රැසක් සිදුකෙරෙන පනත් කෙටුම්පත් දෙකක් අද (3 වැනිදා) රැස්වන කැබිනට් මණ්ඩල රස්වීමට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රතිඥා ඉටුකරන නව ගමනක් නව වසරේදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us