අක්ෂි කාචවල හිඟයක් නැහැ - ජාතික අක්ෂි රෝහල අවධාරණය කරයි !

Published in පුවත්
Friday, 13 October 2023 07:59

අක්ෂි සැත්කම් සඳහා කාචවල හිඟයක් නැති බව ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක බටවල ප්‍රකාශ කර තිබේ.

රුපියල් කෝටි 5ක වටිනාකමකින් යුක්ත අක්ෂි කාච 5000ක පරිත්‍යාගයක් බ්‍රිතාන්‍යයෙන් ලැබුණු බවත් කාච නැතිකම හේතුවෙන් අක්ෂි සැත්කම් කිසිදු දිනක නතර නොකළ බවත් ඔහු පැවසුවේය. ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙන් ජාතික අක්ෂි රෝහලේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව ඊයේ (12) ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් මසකට අක්ෂි කාච සැත්කම් 900ක් පමණ සිදු කරන බව ද ඒ මහතා පැවසීය.

බ්‍රිතාන්‍යයෙන් ලැබුණු අක්ෂි කාච පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන් අතර අවශ්‍ය අවස්ථාවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිත්‍යාග ලෙස ලැබුණු මෙම කාච සැත්කම්වලට යොදා ගන්නා බව ද හෙතෙම කීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us