අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් එළැඹෙන 24 වැනිදා සහ 25 වැනිදා යන දෙදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ තීන්දුව ගැනීම සඳහා විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමක් අද (18 වැනිදා) පැවැත්වීමට නියමිතය.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිතයි.

එලෙස එන්නත් මාත්‍රා 185,000ක් ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ මෙන්ම නීතිරීති වල විය යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා අදහස් ලබාදීමට මාසයක කාලයක් ලබාදීමට ඒ සම්බන්ධයෙන් පත්කළ මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබේනවා.

ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අවසන් සාකච්ඡාව අද දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ බව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

ගෝලීය කොවිඩ් වසංගතය මුවාවෙන් රටේ අනාගතයට ,ආර්ථික වර්ධනයට හේතුවන කිසිදු ව්‍යාපෘතියක් කල් දැමීමට රජය සූදානම් නොමැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා විසින් හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

දේශපාලන වාද භේද දුරලා වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ සදහන් කර ඇත.

එසේම මේ අවස්ථාවේ සෑම කෙනෙකුටම යුතුකමක් ඇති බවත්,පක්ෂ, පාට, ජාති, ආගම්, දේශපාලන වාද භේද සෑම දෙයක්ම අමතක කර රට ගැන සිතා වැඩ කිරීම මේ මොහොතේ වඩාත් වැදගත් බවත් ඔහු සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us