රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් සීමා කෙරෙයි   Featured

Published in පුවත්
Sunday, 08 October 2023 10:36

ඉදිරියේ දී රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්‍රවලට හැර වෙනත් රාජ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු රැකියාවක් සඳහා නව බඳවා ගැනීම් සිදු නොවනු ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, වර්තමානයේ රාජ්‍ය සේවය ආණ්ඩුවට දරාගත නොහැකි ගැටලුවක් වී ඇති බවයි.

"රාජ්‍ය සේවකයන් ලක්ෂ 15ක් ඉන්නවා. රටේ ජනගහනය මිලියන 21යි. ආසන්න වශයෙන් ජනගහනය 12 දෙනෙකුට රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. ඒක ලෝක රාජ්‍ය සේවක අනුපාතය වැඩිම එකක්. ඉතින් අපි සියලු දෙනා විශාල ජාතික බරක් දරනවා තවදුරටත් ඒක කරන්න බැහැ."  යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.

මේ අතර රාජ්‍ය සේවයේ වැටුප් වෙනුවෙන් වැඩිම පිරිවැයක් දැරීමට සිදුව තිබෙන ආරක්ෂක අංශවලට බැවින් ඉදිරියෙදී එම ලක්ෂ තුනකට ආසන්න සාමාජිකයන් ප්‍රමාණය ලක්ෂය දක්වා අඩු කිරීම වෙනුවෙන් පියවර ගැනීමටද රජය තීන්දු කර ඇත. එමෙන්ම ඇතැම් රාජ්‍ය ආයතන වල රාජ්‍ය සේවකයන්ට ස්ව කැමැත්තෙන් විශාම යෑමේ වැඩ පිළිවෙලක්ද මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us