මනුෂ සහ හරීන් ගේ පෙත්සම් විභාගය ඇරඹේ !

Published in පුවත්
Thursday, 12 October 2023 18:02

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ආරම්භ වුණා.

අමාත්‍ය මනූෂ නානායක්කාර වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා කරුණු දැක්වු අතර ඔහු පැවසුවේ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ බලය ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් බවයි. එසේම පක්ෂයේ විනය කමිටුවට හෝ පක්ෂ නායකත්වයට සාමාජිකත්වය අහිමි කිරිමේ බලයක් නොමැති බව ඔහු පැවසුවා.

විනය කමිටුවට පැවරී ඇත්තේ යම් සාමාජිකයෙකු පක්ෂ ව්‍යස්ථාව කඩ කළ විට චෝදනා ගොනු කිරීම හා විමර්ෂණය කිරීම පමණක් බව ඔහු පෙන්වා දුන්නා.

තම සේවාදායකයා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබිය දී පක්ෂ මහලේකම්ගේ දැනුම්දීමක් අනුව ඔහු පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වී නැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

මේ අනුව තම සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට ගත් තීරණය පක්ෂ ව්‍යස්ථාවට මුළුමනින්ම පටහැනි බවයි ඔහු අවධාරණය කළේ.

හිටපු පරිසර ඇමති නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොන්ගසයෙන් ඉවත් කිරිමේ තීරණය අනුමත කරමින් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙම නඩුකරයට කිසිසේත් අදාළ නොවන බව ද ජනාධිපති නීතිඥවරයා සදහන් කළා. ඒ අනුව වැඩිදුර විභාගය ලබන 24 වනදාට කල්තැබුවා.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us