ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා සඳහා ගිවිසුමකට !

Published in පුවත්
Thursday, 12 October 2023 10:40

විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අවබෝධතා ගිවිසුමකට එළඹෙයි.

ඊට අදාළ ගිවිසුමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා සහ IM Japan ආයතනය වෙනුයෙන් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක Masnobu Komiya මහතා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී ඊයේ(11) අත්සන් තබන ලදී.

මෙමගින් සාත්තු සේවා, ආහාර සැකසුම් හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවලට අදාල විශේෂ නිපුණතා සහිත (SSW) ශ්‍රි ලාංකික තරුණයින් හට ජපානයේ රැකියා අවස්ථා හිමිවන අතර, තෝරාගන්නා ලද ශ්‍රමිකයින්ට වසර 5ක සේවා ගිවිසුම් කාලයක් හිමිවේ.

එම අවස්ථාවේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා IM Japan ආයතනයේ නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී SSW යටතේ බදවා ගැනීම් සදහා වන විභාග ක්‍රමය සරල කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ඊට යහපත් ප්‍රතිචාර දැක්වූ IM ජපන් නියෝජිතයින් ඒ සඳහා අදාල පාර්ශව සමග සාකච්ඡා කිරීමට එකග විය. එසේම ජපන් රැකියා ඉලක්ක කර ගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර, ඊටද නියෝජිත පිරිසෙන් යහපත් ප්‍රතිචාර හිමිවිය.

ජපන් භාෂා ප්‍රවිණතා විභාගයේ සිව් වන අදියර (JLPT/JFT N4) හා විශේෂ නිපුණතාවයන්ට අදාල විභාගය (SSW Skill Test) සමත් ශ්‍රි ලාංකික තරුණ තරුණියන් සඳහා මෙම රැකියා සඳහා අයදුම් කරන මෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. ඒ සඳහා ජීව දත්ත පත්‍රිකාව හා භාෂා විභාගය, කුසලතා පරික්ෂණය සමත් සහතික පත් කාර්යාංශයේ ආසන්නතම ප්‍රාදේශීය කාර්යාලයකට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊමේල් ලිපිනය වෙත යොමුකිරිමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටියි.

මේ අතර ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව දකුණු කොරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය චුකියංග් හෝ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හමුවූ අවස්ථාවේදී සාකජ්ජා කර ඇත. දකුණු කොරියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය සහ සහයෝගීතාව ලබා දෙන බවට එහි දී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහතික වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us