ධීවරයින්ට නොමිලේ භූමිතෙල් ලබා දීමේ දෙවන අදියර ඇරඹේ !

Published in පුවත්
Friday, 13 October 2023 15:06

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක් දින ධීවර යාත්‍රාවන් සඳහා නොමිලේ භූමිතෙල් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් බේරුවල වරාය පරිශ්‍රයේදී ආරම්භ විය.

මෙම ඉන්ධන දීමනාව දිවයින පුරා ධීවරයන් 28,000කට ආසන්න ප්‍රමාණයකට හිමි වනු ඇත. ඒ අනුව එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153 ක් නොමිලේ ලබා ගත හැකිය.

මෙහිදී අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කියා සිටියේ චීන රජයෙන් ලබාදුන් මෙම සහනාධාරය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ එක්ව වඩාත් ඵලදායී ලෙස එක් දින ධීවර යාත්‍රා වෙත ලබා දීමට කටයුතු කළ බවයි.

“ඉතාම දුෂ්කර ආර්ථික වටපිටාවක් තුල වුණත් අපි ධීවර ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙනවා. අපි මේ වැඩසටහන හරහා දෙවන අදියරයේ දී භූමිතෙල් ලීටර් 4,250,000ක් (හතළිස් දෙලක්ෂ පනස් දහසක්) ආසන්න ප්‍රමාණයක් බෙදා දීමට කටයුතු කරනවා. මෙම දෙවන අදියරේදී කළුතර දිස්ත්‍රික්කයේ විතරක් යාත්‍රා හිමියන් 450ට අධික සංඛ්‍යාවකට මෙම දීමනාව ලබනවා.”

චීන රජය වෙත විශේෂ ස්තූතියක් පිරිනැමීමට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කටයුතු කලේය. එසේම මෙම වැඩසටන වඩාත් ඵලදායී සහ විනිවිදභාවයකින් ක්‍රියාත්මක වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඩීසල් වශයෙන් ලැබුණු මෙම ඉන්ධන පරිත්‍යාගය එක්දින යාත්‍රා හිමියන්ගේ අවශ්‍යතාවය පරිදි භූමිතෙල් බවට පරිවර්තනය කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඉන්ධන මිල හේතුවෙන් අධික ලෙස පීඩනයට පත්වූ මෙම ධීවරයන්ට මෙමගින් සහන සැලසෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us