රතන හිමි පක්ෂ­යෙන් නෙර­පීම අහෝසි ! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙයි !

Published in පුවත්
Saturday, 14 October 2023 08:32

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීති විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීරණය කිරීමත් සමග රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එම පක්ෂය ගත් තීරණය බල රහිත කරන ලදි.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව අතුරලියේ රතන හිමියන් විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගෙන අවසන් කිරීමෙන් අනතුරුව එහි තීන්දුව දෙමින් මේ බව තීරණය කෙරිණි.

ජනක් ද සිල්වා, මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ පූර්ණ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ විසින් මේ තීන්දුව දෙන ලදි.

අපේ ජන බල පක්ෂයේ විනය කමිටුව විසින් 2021 වසරේ ඔක්තෝබර් 15 දා නිකුත් කරනු ලැබූ ලිපියක් මඟින් පෙත්සම්කාර අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට තීරණය කර ඇති බව දැනුම් දී තිබිණි.

අතුරලියේ රතන හිමියන් විසින් ‘විජයධරණී ජාතික සභාව’ නමැති සංවිධානයේ සභාපතිවරයා වශයෙන් අපේ ජන බල පක්ෂය සමඟ අවබෝධතා ගිවිසුමක් ඇති කරගෙන තිබිණි. ඒ අවබෝධතා ගිවිසුම අනුව පෙත්සම්කාර රතන හිමියන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට අපේ ජන බල පක්ෂයේ විනය කමිටුවට නීතිමය අධිකාරී බලයක් නැති බවට පෙත්සම් විභාගයේදී අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

අතුරලියේ රතන හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඉදිරිපත් කළ ඒ කරුණු අධිකරණය විසින් පිළිගන්නා බව මේ නඩු තීන්දුවෙහි සඳහන් වේ. ඒ අනුව අපේ ජනබල පක්ෂය විසින් අතුරලියේ රතන හිමියන් එම පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපීමට ගත් තීරණය නීතියට පටහැනි බව විනිසුරු මඬුල්ල ඒකමතිකව තීන්දු කළේය.

මේ නඩු තීන්දුවට අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපේ ජන බල පක්ෂය, එම පක්ෂ මහ ලේකම් නිශාන්ත රත්නායක, පක්ෂයේ සභාපති සමන් පෙරේරා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් සිව්දෙනා, මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කරනු ලැබ සිටියහ.

පෙත්සම්කරු සභාපතිත්වය දරන සංවිධානය මැතිවරණයට පෙර ලියාපදිංචි කිරීමට නොහැකි වූ නිසා පෙත්සම්කරුගේ පක්ෂය හා අපේ ජනබල පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි.

අනතුරුව පෙත්සම්කරු අපේ ජනබල පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති බවට එම පක්ෂයේ මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණු අතර, ඊට එරෙහිව මේ පෙත්සම් ගොනු කර තිබිණි. පෙත්සම් විභාගය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ අවසන් කරන ලදි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us