කොත්තු,රයිස් ඇතුළු ආහාර කිහිපයක මිළ ඉහළට !

Published in පුවත්
Thursday, 05 October 2023 13:10

ගෑස් මිල ඉහළයාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති මේ බව පැවසීය.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 10කින්, කොත්තුවක මිල රුපියල් 20කින්, රයිස් එකක මිල රුපියල් 50කින්, ඉහළ දැමෙනු ඇත.

අද සිට ක්‍රියාත්මකවන පරිදි ලාෆ්ස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3985කි.

ලාෆ්ස් කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1595කි. කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක මිල ලාෆ්ස් සමාගම රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 638කි.

මේ අතර ලිට්‍රෝ ගෑස් මිළ ද රුපියල් 150කින් ඉහළ දමා ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us