අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් අද (25) සමාව අයැද සිටී.

ශ්‍රී ලංකාව තුළ LGBTQ+ ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ (අගෝ. 24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබ තිබේ.

දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව කැබිනට් මණ්ඩලයක් අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ව පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී .

රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල ගැටළුකාරී තැනකට ඇද වැටෙන බව විදේශ කටයුතු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලැබී ඇතැ යි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව පවසනවා.

භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් ලබාදීමට රජය යෝජනා කර ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ට්විටර් පණිවියක් මගින් ඒ බව දැනුම් දුන් අතර ඔහු වැඩි දුරටත් කියා සිටියේ, භූමිතෙල් මිල සංශෝධනය වසර ගණනාවක් තිස්සේ අත්‍යවශ්‍යව තිබූ දෙයක් බවය.

“ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශීයකරණයට” එරෙහිව මැයෙන් හෙට (අගෝ. 22) දිනයේදී උද්ඝෝෂණයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට පැවැත්වීමට නියමිත ය.

මෙම උද්ඝෝෂණය ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us