විදෙස් රටවල සිට සරණාගතයින් ලෙසින් මෙරටට පැමිණි විදේශිකයන් 1250කට දේශපාලන රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම්ව සිටි අවදියේ ගොඩනගන ලද කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන තෙත්බිම් උද්‍යානය වන දියසරු උයනට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස මගේ උපදෙස් පරිදි නව විශේෂාංග රැසක් එකතු කොට පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
බස්නාහිර පළාතේ සියලු පාසැල් අද විවෘත කෙරුණා. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල පළමු ශ්‍රේණිය ද ඇතුළුව මෙතෙක් විවෘත නොකළ සෙසු ශ්‍රේණි මෙලෙස ආරම්භ කෙරුනේ.
ඉදිරියේ දී පළාත් සභා ඡන්දය තියනවා. - ජොන්ස්ටන් ප්‍රනාන්දු
ඉදිරියේ දී පළාත් සභා ඡන්දය පවත්වන බවත් පළාත් සභාව හොද නැත්නම් ව්‍යවස්ථාවක් ගෙනත් ඒක වෙනස් කළ යුතු බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
ජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙනවා..යට නොවී ඉන්න පිළිවන් - ජනපති
“ජිනීවා බලපෑමට අපි නොබියව මුහුණ දෙනවා. ඊට යට නොවි ඉන්න පිළිවන්. අපි නිදහස් රටක්. ඉන්දීය සාගරයේ බල අරගලයට අපි ගොදුරක් වන්නේ නැහැ” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.
තෙල් නැවේ සිරවීම ලංකාවට බලපෑමක් නැහැ! ප්‍රමාණවත් ඉන්ධන ලංකාව සතුයි - ගම්මන්පිල
දෙසතියකට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාව සතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ.
අමාත්‍යවරයා පැවසුවේ, සූවස් ඇළේ තෙල් නැවක් සිරවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොවන බවයි.
නමුත් සූවස් ඇලේ සිරවී තිබෙන විශාල බහාලුම් නෞකාව කඩිනමින් ඉවත් කිරීමට නොහැකි වුවහොත්, එය මෙරට ආර්ථිකයට බලපෑම් කරනු ඇතැයි විද්වතුන් පෙන්වා දී ඇත.
එම බහාලුම් නෞකාව පාපන්දු ක්‍රීඩාංගණ 4ක දිගට සමාන විශාලත්වය කින් යුක්ත ය.
මේනිසා දැනටමත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ද ඉහළ යාමේ ප්‍රවනතාවක් තිබෙන බවත් ලෝක ආර්ථිකයට ද බලපෑම් එල්ලවී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දිගින් මීටර් 400ක් සහ මීටර් 59 ක පළලින් යුත් මෙම නෞකාව පසුගිය අඟහරුවාදා චීනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය දක්වා ගමන් කරමින් සිටියදී සූවස් ඇලේ ඉවුරු දෙක අතර සිරවී තිබුණි .ඒ පැවති සුළං තත්ත්වය හේතුවෙන් ය.
තායිවානයේ එවර්ග්‍රීන් මැරායින් සමාගමට අයත් එම්.වී එවර්ගිවන් නමැති මෙම නෞකාවේ ඒ වනවිට බහාලුම් 20,000 ක් පමණ තිබූ අතර, නෞකාවේ බර ටොන් ලක්ෂ 2ක් පමණය .
මෙම නෞකාව ඇළ මාර්ගයේ සිරවීම හේතුවෙන් නෞකා 200කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට සිරවී ඇති අතර, මහා සාගරයේ මෑතකදී ඇති වූ විශාලම නෞකා තදබදය මෙය බවට සැලකෙනවා.
-අරුණ
ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ශයක් සංවර්ධනය යටතේ තවත් මාර්ගයක් ජනතා අයිතියට
සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්තිය යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ශයක් සංවර්ධන කිරීමේ වැඩසටහන මඟින් නාවලපිටිය ආසන්නයේ ගඟ ඉහළ කොරළේ උලපනේ දුම්රියපල මාර්ගය කාපටි අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පැවැරීමකිරිම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.
රජයේ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට සහය වන්න - ජනපති
රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළාත් පාලන නියෝජිතයිනට දැනුම් දී ඇත.