ඒ අනුව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසා සිටියේ බිත්තරයක් රුපියල් 35ක මිලකට පාරිභෝගිකයාට ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බවය.
කෙසේ වෙතත් වෙළෙඳපොළේ බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙම තීරණයට එළැඹුණ බව අමාත්‍යවරයා පැවසීය.
දේශීය බිත්තර නිෂ්පාදකයන් මෙලෙස අඛණ්ඩව අසීමිතව බිත්තර මිල ඉහළ දැමීම කළහොත් රජයෙන් ලැබෙන පිළිතුරේ කිසිදු වෙනසක් නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ආනයනය කර ඇති බිත්තර නත්තල් සමය සඳහා වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවය.
එමෙන්ම ඉදිරියේ දී තවත් භාණ්ඩ කිහිපයක මිල පහළ යනු ඇති බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.