අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණය සීමා පැනවේ. හෙට සිට 31 දක්වා ජාතික හැඳුනුම්පත් අංකයේ අවසන් අංකයේ ඔත්තේ සහ ඉරට්ටේ මත එළියට ඒමේ අවසර දෙන බවත් පැවැසේ.

ඉදිරි සති දෙක ඇතුළත රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.

මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාදුන් කිසිවෙකුටත් මෙතෙක් කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 71,203කට සයිනොෆාම් එන්නත ලබා දී ඇත.

-පංචාලි අබේසේකර

කොවිඩ් එන්නත තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ලබා නොදෙන්නේ නම් ඔවුන් සේවා කටයුතුවලින් ඉවත් කර ගැනීමට සිදු වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් සදහන් කර තිබේ.

මත්ද්‍රව්‍යයට අබ්බැහි වුවන් සිරගත නොකර පුනරුත්ථාපනය කර, වෘත්තීය පුහුණුවක් ලබා දෙමින් සමාජයට ඵලදායී පුරවැසියන් ලෙස සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙනවා.

සංචරණ සීමා පැනවීමත් සමඟ පළාත් අතර දුම්රිය ධාවන කටයුතු ද අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවිමට තීරණය කර තිබේනවා .

මුතුරාජවෙල තෙත්බිම් කලාපය සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා වර්තමානයට ගැළපෙන පරිදි ප්‍රධාන සැලැස්මක් කඩිනමින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට හරිත සමාජ ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරනු ලැබ තිබේ .

කළුතර දිස්ත්‍රික්කයේ මස් සහ වියළි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන හැර අන් සියලු කඩ සාප්පු මැයි මස 10 වන දින සිට සති 2ක කාලයක් වසා තබන ලෙස කළුතර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය දිස්ත්‍රික්කයේ සියලු වෙළෙඳ සංගම් හරහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us